ඔව්.. මහින්දට ඉඩ දෙනවා.. ජනපති
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යා...
https://www.sathhanda.com/2015/07/blog-post_0.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා දෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිවිල් සංවිධානවල නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රථමවරට දැනුම්දී ඇත.
පැය එකහමාරක පමණ කාලයක් පැවැති මේ සාකච්ඡාවේදී තමාට හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබාදීමට සිදුවීම ගැන ඉතා සංවේදීව කරුණු දැක්වූ බව එම සාකච්ඡාවට සහභාගි වූ අයෙක් පැවැසීය.
මේ සාකච්ඡාවට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, ධර්මසිරි බණ්ඩාරනායක, රංජිත් කීර්ති තෙන්නකෝන්, නීතිඥ රවි විජේවර්ධන, සමන් රත්නප්‍රිය, ජෝශප් ස්ටාලින් යන මහත්වරු සහ දඹර අමිල හිමියන්ද සහභාගි වී ඇත.


Related