අත්අඩංගුවට ගැනීමේ සූදානමට එරෙහිව ප්‍රසන්න ප්‍රසන්න අද නඩු පවරයි
මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පරීක්‍ෂණයක් හරහා තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් මහ ඇමති ප...

https://www.sathhanda.com/2015/07/blog-post_66.html
මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පරීක්‍ෂණයක් හරහා තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වළක්වන ලෙස ඉල්ලමින් බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළේය. රණතුංග මහතා ප‍්‍රශ්න කිරීම සදහා හෙට (09) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා තිබිණ.
මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් සංවර්ධනය කොට විකිණීමේදී අක‍්‍රමිකතාවක් සිදුව ඇතැයි චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ලැබී තිබිණ. එම පැමිණිල්ලට අනුව පසුගිය සතියේ රණතුංග මහතාගේ බිරි`දගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැණුනි. ඒ අනුව හෙට (09) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (07) රණතුංග මහතාට දැනුම් දී තිබේ. එම දැනුම්දීමට අදාළව බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අද (08) මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කළේය.
Related