අස්කළාට මන්නෙන් පළිගනී
හැව්ලොක් ටවුමේ ස්ටුඩියෝවක සේවය කළ බව කියන ලෙබනන් ජාතිකයකු හා එහි සේවිකාවන් දෙදෙනකු අතර යාබද අවන්හලේදී ඇතිවූ ගැටුමින් තුවාල ලැබූ සිව්දෙනෙක්...

https://www.sathhanda.com/2015/07/blog-post_81.html
හැව්ලොක් ටවුමේ ස්ටුඩියෝවක සේවය කළ බව කියන ලෙබනන් ජාතිකයකු හා එහි සේවිකාවන් දෙදෙනකු අතර යාබද අවන්හලේදී ඇතිවූ ගැටුමින් තුවාල ලැබූ සිව්දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූහ.
සේවයෙන් පහ කළැයි කියන ලෙබනන් ජාතිකයා එහි සේවිකාවනට මන්නා පහර දී ඇතැයිද තුවාල ලැබූ කාන්තාවන් ගණන තිදෙනෙකියිද එක් තැනැත්තියකගේ තත්ත්වය බරපතල යැයිද පොලිසිය පවසයි.
මෙම ලෙබනන් ජාතිකයා කඩුවෙලින් විවාහයක් කරගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු ගැන සොයා බලන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු ආරවුල බේරීමට ගිය අවස්ථාවේ ඔහුගේ වෙඩි පහරින් ලෙබනන් ජාතිකයාගේ උරහිස තුවාල වී ඇතැයිද රෝහල් ආරංචි කියයි.

Related