ඇමරිකාව කියුබානු ධජය ඔසවලා

වසර 54කට පසු ඇමරිකාව සහ කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම සලකුණු කරමින් දෙරටේ තානාපති කාර්යාල ඊයේ (20) විවෘත කෙරුණා. වොෂි...

වසර 54කට පසු ඇමරිකාව සහ කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම සලකුණු කරමින් දෙරටේ තානාපති කාර්යාල ඊයේ (20) විවෘත කෙරුණා. වොෂින්ටන් නුවර පිහිටු වනු ලැබූ කියුබානු තානාපති කාර්යාලයේ කියුබානු ධජය එසවීමේ උත්සවයට කියාබානු විදේශ අමාත්‍ය බෘනෝ රොඩ්‍රිගුවේස් ද එක්වුණා. ඇමරිකාවේ සිටින කියුබානුවන් සිය ගණනක් ද එහි පැමිණ සිටි අතර ඔවුන් වීවා ෆිදෙල් සහ වීවා රාවුල් යනුවෙන් හඬ නගමින් කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝට සහ වත්මන් ජනාධිපති රාවුල් කස්ත්‍රෝට ජය පැතුවා. 

මේ අතර, කියුබානු විදේශ අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තමා ලබන අගෝස්තු 14 වන දා කියුබාවේ සංචාරයක නිරත වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කළා. 1945 වසරෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු කියුබාවේ සංචාරය කර නැහැ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 4141611742403904465

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item