මහ ඡන්දයට විමල්ගෙන් 8ක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට මහින්ද රාජපක්‍ෂ මහතාට අවස්ථාව ලැබීමත් සමග ජාතික නිදහස් පෙරමුණද ඒ යටතේ තරග වදී. ඒ අනුව ජාතික නිදහ...

https://www.sathhanda.com/2015/07/blog-post_730.html
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීමට මහින්ද රාජපක්‍ෂ මහතාට අවස්ථාව ලැබීමත් සමග ජාතික නිදහස් පෙරමුණද ඒ යටතේ තරග වදී. ඒ අනුව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා දහවල් මහවැලි කේන්ද්‍රයේදී කොළඹ දිස්ත‍්‍රික් එජනිස නාම යෝජනා පත‍්‍රයට අත්සන් තැබීය.
ඊට අමතරව දේශපාලන මණ්ඩල සභිකවරු වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා අනුරාධපුර දිස්ත‍්‍රික්කයටත්, ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා කළුතර දිස්ත‍්‍රික්කයටත්, සබරගමු පළාත් සභා මන්ත‍්‍රී දීපාල් ගුණසේකර මහතා රත්නපුර දිස්ත‍්‍රික්කයටත්, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා නුවරඑළිය දිස්ත‍්‍රික්කයටත්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා මහනුවර දිස්ත‍්‍රික්කයටත්, නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත විජේසේකර මහතා ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයටත්, ඌව පළාත් සභා මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා මොනරාගල දිස්ත‍්‍රික්කයටත් අදාළ නාම යෝජනා පත‍්‍රවලට අත්සන් තබා ඇත.
Related