එතනෝල් ආණ්ඩුවට දැනේනේ පරාජයේ වේදනාව - විමල්
මෛත‍්‍රී- මහින්ද සුසංයෝගයක් සමගින් ශ්‍රීලනිපය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ සාමාජික පක්‍ෂ එක කොඩියක් යටට පැමිණ ජාතිය හමුවේ පවතින ...
https://www.sathhanda.com/2015/07/blog-post_751.html
එය දෙස්-විදෙස් කිසිදු බලවේගයකට වැළැක්වීමට නොහැකි බව හෙතෙම කියා සිටියේ අද(14) කොළඹ 10, එක්සත් ජනතා නිදහස් සන්ධාන මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසුවේය.
"එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජයග‍්‍රහණය ඊයේ බුලත් කොළය ලකුණින් මැතිවරණ කොට්ඨාශ 22ටම නාමයෝජනා ලබාදීමත් සමඟ ඇරඹුණා. එක්සත් ජාතික පක්‍ෂය තමන්ගේ ජයග‍්‍රහණය පිළිබඳ සිහිනය මැව්වේ, සන්ධානයේ දෙකඩවීමක් සිදු වෙනවාය, කියන මතය හිසෙහි දරාගෙන. ‘විරුද්ධ පක්‍ෂය දෙකඩ බෙදෙනවා, ඊට පස්සේ අපි දිනනවා’ කියන එකයි ඒ අයගේ ප‍්‍රධාන තර්කය වුයේ. ඉහත සිහිනය මවන්න. අද එක්සත් ජනතා නිදහස් සන්ධානය කිසිදු බෙදීමකින් තොරව, තිබුණාටත් වඩා ශක්තිමත්ව නාමයෝජනා භාරදුන්නාට පසුව, එජාපයට දිනන්නට තිබූ ප‍්‍රධානතම සාධකය අහිමි වී තිබෙනවා. දිනන්නට තිබූ ප‍්‍රධානතම සාධකය අහිමි වූවාට පසුව දැන් ඔවුන්ට දැනෙන්නේ පරාජයේ වේදනාව.
එක්සත් ජාතික පක්‍ෂයට ජයග‍්‍රහණයේ සිහිනය තුළ ජීවත් වෙන්න ලැබුණා නම් ඔවුන්ට අර කියපු යහපාලන මූලධර්ම අනුව මැතිවරණයට පිවිසෙන්න තිබුණා. නමුත් ජයග‍්‍රහණයක් ලැබිලා මාස 06ක් යනකොට තමන්ට පරාජයේ වේදනාව දැනෙන්න ගත්තාම අද එක්සත් ජාතික පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක රනිල් වික‍්‍රමසිංහ ඇතුළු කණ්ඩායම අර කියපු යහපාලන බණවල කිසිම ශික්‍ෂා පදයක් නොතකන තත්වයකට ඇද වැටී තිබෙනවා. පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහත්වරුන් රාජ්‍ය මාධ්‍ය භාවිතය පිළිබඳ දැක්වූ අදහස් ඔබට මතක ඇති. ඒ ශික්‍ෂා පදවලට අද කුමක්ද සිදුව ඇත්තේ? ඒ වගේම එදා එවැනි තත්වයන් පාලනය කරන්න මැතිවරණ කොමසාරිස්වරයා කඩිනම් පියවර ගනු ලැබුවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ විදියටම මේ මහ දවල් එජාප
මහත්වරුන් සිදුකරන මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් නතර කරන්න එතුමා මැදිහත් වේවි කියලා.
අද මේ අය තමන්ගේ රැස්වීමක් සජීවීව පැයෙන් පැය විකාශය කරන්න රාජ්‍ය මාධ්‍ය අමු අමුවේ නිරුවත් ලෙස යොදාගනු ලබමින් සිටිනවා. අද නොම්මර තහඩු වෙනස්කර ගෙන විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාහන මාතර දිස්ත‍්‍රික්කයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට යොදාගෙන තිබෙනවා. අද රාජ්‍ය ආයතන බොහෝ ගණනක රාජ්‍ය සම්පත් විශේෂයෙන් වාහන, නොම්මර තහඩු වෙනස්කර මැතිවරණ වැඩවලට යොදවා ගෙන තිබෙනවා. විරුද්ධ පක්‍ෂයේ දේශපාලන කටයුතුවලට බාධා වන ලෙස පොලීසිය ඉතා දරුණු ලෙස යොදවාගෙන තිබෙනවා. ඒ නිසා අපට පෙනෙනවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය පිළිබඳ ඉතා සුන්දර වචන කැටයම් කරලා ගෙන ආ මේ අය, ගෙවී ගිය දින 180ටත් එහා ගිහිල්ලා අද තමන්ගේ ‘යහපාලනයේ’ හෙළුව පෙන්වමින් ඉන්නවා, කියලා.
අද මහින්ද රාජපක්‍ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලැබීම, මෛත‍්‍රී - මහින්ද සුසංයෝගයක් ඇති වන බව පෙනීම, එමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ සාමාජික පක්‍ෂ එක කුඩයක් යටට පැමිණ ජාතිය ඉදිරියේ තිබෙන මේ අභියෝගය ජය ගැනීමට බලවත්ව නැගී සිටීම. ඒ ආශ්වාදය තුළින් මේ රටේ ප‍්‍රගතිශීලී බලවේග ඉතාමත් උද්යෝගයෙන් මේ මහා මැතිවරණයට සම්බන්ධවීම යන සියලූ සාධක මත එක්සත් ජාතික පක්‍ෂයේ පරාජය වළක්වන්න බැහැ.
අද එක්සත් ජාතික පක්‍ෂ සිරිකොත මූලස්ථානයේ "කටකතා රංචුවක්" පුහුණු කරනවා. එතැන 5,000ක රංචුවක් සිටිනවා. එක් අයෙකුට දවසට රුපියල් 1200-2000ක් අතර කුලියක් ගෙවනවා. හන්දිගානේ ඉඳගෙන, බස්රථවලට නැඟගෙන මහින්දට බනින්න, මෛත‍්‍රීට බනින්න, තවත් එජාපයට අභියෝගයක් වන නායකයන්ට බැන වදින්න, තමයි මේ අයට පවරලා තියෙන්නේ. ඒ වගේම "එජාපය දිනනවා" කියන කෘති‍්‍රම මතය ඇති කිරීමත් ඔවුන්ට පවරලා තියෙනවා. අද අරලියගහ මන්දිරයට අල්ලපු බිල්ඩිමේ එජාපයේ ෆෙස්බුක් රංචුව වැඩ පටන් අරන් තියෙනවා. එතැන කුලී කාරයෝ 400ක් ලැප්ටොප් සමඟ රුපියල් 1200-2000ත් අතර දවස් පඩියට වැඩ කරනවා. ඔයිට හොඳයි ඉදිකිරිම් කටයුතු කරන තැනක සිමෙන්ති අනලා දීලා රුපියල් 2000ක දවස් පඩියක් අරන් පවුලට කන්න දුන්නා නම්. එහෙම කළා නම් බඩට වගේම හිතටත් සහනයක් තියෙනවා. මේ අය සමාජ ජාලා වෙබ් අඩවි තුළට රිංගලා කෘති‍්‍රම මතයක් ඇති කරන්න කටයුතු කරනවා.
එජාප ලැයිස්තුවල ඉන්න "එතනලා"පසුගිය මැතිවරණවලදී මනාප අරන් උඩට ආවේ කුඩු එතනෝල් ගැන කතා කරලා. දැන් වෙලා තියෙන දේ ඇහුවොත් එයාලට එජාප ලැයිස්තුවල ඉන්න හිතෙන එකක් නැහැ. 2014 වර්ෂය තුළ මේ රටට ගෙනාපු එතනෝල් ප‍්‍රමාණයට වඩා වැඩි එතනෝල් ප‍්‍රමාණයක් වික‍්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ දින 180ට ගෙන්වලා තියෙනවා. එහෙම බලපුවාම මේක එතනෝල් ආණ්ඩුවක්. ඒ වගේම රට පැනලා හිටපු පතාල කල්ලි මේ අය මැතිවරණය සඳහා ගෙන්වා ගෙන තියෙනවා.
අපි එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට එක කාරණයක් අවධාරණය කරනවා. ඔබ අලියාට කතිරය ගහලා පුරුදු කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් වික‍්‍රමසිංහ මහත්තයාව අගමැති පුටුවේ වාඩි කළ හැම අවස්ථාවකම ඔබට පසුතැවිලි වෙන්න සිදු වුණා. එදා 2002දී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා විධායක බලතල තිබුණු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට නොකියා සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබුවා. දැන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ යම් විධායක බලතල ප‍්‍රමාණයක් ලැබී තිබෙන විට අගමැති ධුරය ලැබුණොත් ඔහු කෙසේ කටයුතු කරාවිද? රටත් ජාතියක් අවදානමේ හෙළන මොන තරම් තීන්දු ඔහු ගත්තාද, කියා සිතා බලන්න. 1980 අධ්‍යාපන ධවල පත‍්‍රකාව, 1989 බටලන්ද වධකාගාරය ගැන සිහිපත් කරන්න. අපි එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයන්ට, මේ රටේ තරුණ පරම්පරාවට ඉතාමත් ආදරයෙන් කියනවා, ‘යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න ඕනේ නම් වෙන කවුරු හරි මුදුනේ තියාගෙන හදන්න. වික‍්‍රමසිංහ මහත්තයා අගමැති වන ආණ්ඩුවක් හැදුවොත් මේ රට බටහිර කොලනියක් වෙනවා. මේ රටේ නිදන්ගතව තිබෙන ස්වාභාවික ගෑස්, ඉන්ධන කොල්ලකෑමේ දඩබිමක් බවට පත් වෙනවා’ කියලා.


Related