ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵල ලෝකෙටම වැදගත් - ඇමරිකානු බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානී
ශ්‍රී ලංකාවේ මැතිවරණයේ ප්‍රතිඵල ඉන්දීය කලාපයට සහ මුළු ලොවටම වැදගත් බව ඇමරිකානු බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානි ඩෙනිස් බ්ලෙයාර් ප්‍රකාශ කර ...
https://www.sathhanda.com/2015/07/blog-post_760.html
ශ්‍රී ලංකාවේ මැතිවරණයේ ප්‍රතිඵල ඉන්දීය කලාපයට සහ මුළු ලොවටම වැදගත් බව ඇමරිකානු බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානි ඩෙනිස් බ්ලෙයාර් ප්‍රකාශ කර ඇත.
අග්නිදිග ආසියාවේ ප්‍රධාන ප්‍රවාහන කේන්ද්‍රස්‌ථානයක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වෙන බව කී බ්ලෙයාර් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇමරිකාව සහාය දැක්‌විය යුතුයයි සඳහන් කළේය.
ඇමරිකාවේ ඩිප්ලොමැට් සඟරාව වෙත කරුණු දන්වා ඇති ඩෙනිස් බ්ලේයාර් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රතිපත්ති ඇමරිකාවට එදිරිවාදිකම් ලෙස ක්‍රියාත්මක වූ බව කියා තිබේ.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය ප්‍රසාදයට ලක්‌කරමින් ඔහු කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ අනාගතය තීන්දුකරන්නේ අභ්‍යන්තර බලවේග බවයි.


Related