ඉලක්ක 5කින් රට හදන ජවිපෙ හෘදසාක්ෂියේ සම්මුතිය මෙන්න (PHOTOS)
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෘදසාක්ෂියේ සම්මුතිය නමින් අද (22) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී එළිදැක්විණ. මෙම අවස්ථ...
https://www.sathhanda.com/2015/07/5-photos.html
මෙම අවස්ථාවට පක්ෂ ක්‍රියාකාරීන් මෙන්ම, විද්වතුන්, වෘත්තීයවේදීන් මෙන්ම කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියෝ ය.
ප්‍රධාන ඉලක්ක 5ක් යටතේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසී තිබෙන අතර ඒවා
- ජනතාවාදී පාලනයක්
- උසස් මානව සම්පතක්
- නවීකරණය හා කාර්මීකරණය වූ රටක්
- සාධාරණ සමාජයක්
- නිවහල් මිනිසෙක්
ලෙස පෙළ ගස්වා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණු පාලනයක් යටතේ වසරක් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකින් සම්මත කෙරෙන අතර විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරන බව මෙහි ඇතුලත් වේ.
පක්ෂ මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කෙරෙන නීති සම්පාදනය කෙරෙන බවත් ඇමති මණ්ඩලය ද 25 දෙනෙකුට සීමා කෙරෙන බවත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන පනත් අහෝසි කරන බව සඳහන් කර ඇති එම ජාතික වැඩපිළිවෙල, ජනතා සභා නමින් විශේෂ පාලන ව්‍යුහයක්ද යෝජනා කර ඇත.
එමෙන්ම වෙනස්කම් වැළැක්වීමේ හා සත්‍ය විමර්ශන කොමිෂන් සභා ස්ථාපිත කෙරෙනු ඇති අතර අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් වෙන් කෙරෙන ප්‍රතිශතය 6% ක් ලෙසයි සඳහන් වී ඇත්තේ.
1, 2, 3 ශ්‍රේණිවල දරුවන්ට ගෙදර වැඩ ලබාදීම නතර කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කර තිබෙනවා තිබේ.
දුම්කොළ බද්ද යොදාගෙන විශේෂ අරමුදලක් ස්ථාපිත කරන බවත් එම අරමුදලින් හදවත්, වකුගඩු වැනි අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සිදුකිරීමට සූදානම් බවත් එහි සඳහන් වේ.
රැකියාවක් ලැබෙන තෙක් රැකියා කළ යුතු වයසේ සෑම කෙනෙකුටම ජීවත්වීමට ප්‍රමාණවත් දීමනාවක් රජය මගින් ලබාදෙන බවත් අද එළි දැක් වූ හෘදසාක්ෂියේ සම්මුතිය නැමැති ජාතික වැඩපිළිවෙලේ දැක්වේ.
















Related