ෆොනී නැතිතැන චතුර කුරුණෑගලට

‘මම බෙලිඅත්තට තරඟ කරලා රාජපක්ෂව පරද්දනවා' යනුවෙන් පසුගියදා මහින්ද රාජපක්ෂට අභියෝග කළ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නව කුරුණෑගල දිස්...

‘මම බෙලිඅත්තට තරඟ කරලා රාජපක්ෂව පරද්දනවා' යනුවෙන් පසුගියදා මහින්ද රාජපක්ෂට අභියෝග කළ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබාදෙන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නාම යෝජනා මණ්ඩලයට දන්වා තිබේ.

අවසාන මොහොතේ ජාතික හෙල උරුමය එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීම නිසා චතුර සේනාරත්නට නැවතත් නව පෙරමුණ හරහා නාම යෝජනා ලබාගැනීමට හැකිවී තිබේ. ඔහු එජාප නායකයාගෙන් ඉල්ලා ඇත්තේ තමාට කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලබා දෙන ලෙසයි.

නමුත් චතුර සේනාරත්න මහින්ද රාජපක්ෂට කළ අභියෝගය මතක් කර දී ඇති රනිල් දැන් කියපු දේ කරලම පෙන්වන්නැයි දන්වා තිබේ. ඊට මැදිහත් වී ඇති රාජිත සේනාරත්න රනිල්ට පවසා ඇත්තේ ‘පොඩි එවුං සෙල්ලමට කියන කතා අගමැතිතුමා වැඩිය ගණන් ගන්න එපා' කියාය.

චතුර තම පියාගෙන් උරුම වූ අශීලාචාර අභියෝගය වෙනුවෙන් පසුගිය දිනෙක රාජිත මහින්ද රාජපක්ෂගෙන් සමව ඉල්ලා තිබේ. චතුර කිවුව දේවල් අද උනා නම් චතුර ඉන්නන ඕනේ එක්කෝ ඩාර්ලි පාරේ හෝ සිරිකොත ඉදිරියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 935147232959141922

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item