මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට එරෙහි පෙත්සම විභාගයට තීරණය කෙරේ
මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය නීති විරෝධී බැවින් එය පිහිටුවීමට අදාළව පොලිස්‌පති නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කොට අවලංගු කරන්නැයි ඉල්ලා ...
https://www.sathhanda.com/2015/07/blog-post_82.html
මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය නීති විරෝධී බැවින් එය පිහිටුවීමට අදාළව පොලිස්‌පති නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කොට අවලංගු කරන්නැයි ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය ඊයේ (8 දා) තීරණය කළේය.පෙත්සම් විභාගය අගෝස්‌තු 13 දා පැවැත්වේ. එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාට නොතිසී නිකුත් කරන ලදී.අභියාචනාධිකරණයේ සභාපති විජිත් ආර්. මලල්ගොඩ මහතා සහ විනිසුරු එච්. ඡේ. සී. මඩවල මහත්මිය හමුවේ පෙත්සම සලකා බැලිණි.
පෙත්සම විභාගයට නියම කරනවාට නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පර්ෂානා ජමීල් මහත්මිය විරුද්ධ විය. ඇය කියා සිටියේ විභාගයක් නැතිව පෙත්සම ඉවත දැමිය යුතු බවයි. පෙත්සම් කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා පෙනී සිටියේය.
විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට නියම කළේ දෙපාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දින ගණනාවක් තිස්‌සේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.


Related