දේශපාලන ප්‍රබලයකුගෙන් පාතාල කෙරුමන්ට සුපිරි සාදයක්
ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කොළඹට තදාසන්න ප්‍රදේශයක ප්‍රබල දේශපාලනඥයකු පෙරේදා (07 දා) රාත්‍රි නමගිය පාතාල කෙර...

https://www.sathhanda.com/2015/07/blog-post_91.html
ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කොළඹට තදාසන්න ප්‍රදේශයක ප්‍රබල දේශපාලනඥයකු පෙරේදා (07 දා) රාත්‍රි නමගිය පාතාල කෙරුමන් කිහිප දෙනකු සමග ඔවුන්ගේ ගෝලබාලයන් රැසක් සිය නිවසට කැඳවා සුපිරි සාදයක් පවත්වා තිබේ.
දේශපාලනයේ පරිණත චරිතයක් වන මොහු විසින් පවත්වනු ලැබූ එකී සාදය සඳහා පසුගිය කාලයේ විදේශ රටවලට පැන ගොස් සිට මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි පාතාල ප්‍රබලයන් කිහිපදෙනකු සහභාගි වී ඇත.
සාදයට සහභාගි වූ අනෙකුත් පිරිස අතර ඉකුත් කාලයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රීවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල කෙරුමකු හා බ්ලූමෙන්ඩල්, කිඹුලා ඇළ, වනවාසල හා කැලණිය ආදී ප්‍රදේශවල රජකම් කරන පාතාල සාමාජිකයන් ගණනාවක්‌ද සිටි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සාදය පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව බුද්ධි අංශ නිලධාරීන් පිරිසක්‌ද පෙරේදා රාත්‍රී ඒ පිළිබඳ විමර්ශනයක යෙදෙමින් වත්තල ප්‍රදේශයේ සැරිසරා ඇත.
Related