19 යේ විපක්ෂයට හසුනොවූ තැනක්

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට පෙර විපක්ෂයට මග හැරුණු කොටසකින් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය වාසි ලබමින් සිටින බව හිටපු අමාත්‍ය ඩලස් අලහ...

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට පෙර විපක්ෂයට මග හැරුණු කොටසකින් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය වාසි ලබමින් සිටින බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සදහන් කොට සිටී.


මාතර දී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ තොරතුර හෙළි කළ අතර එහිදී ඔහු සදහන් කොට සිටියේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවක් විසුරුවා හැරියට පස්සේ නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු බල සහිතව ඉන්නවා. අපේ කාලයේ එහෙම නෙමෙයි, පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සේ එදා රාත්‍රියේ ඉඳලා කැබිනට් මණ්ඩලය විතරයි බලසහිත . 19 සංශෝධනය ඇතුළේ තිබුණු ඒ වගන්තිය අපටත් අහුවුණේ නැහැ. ඒක හොඳ උපක‍්‍රමයක් ඇස් වලට වැලි ගහලා සම්මත කරගත්තා යන්නය.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියේ යහපාලන පැවසූ අයගේ නිහඬතාවයි ප්‍රශ්නේ. සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් උදෙසා ව්‍යාපාරය, වැලිඅමුණ මැතිතුමාගේ ව්‍යාපාරය, මැතිවරණ මෙහෙයුම් සංවිධාන මේ සියල්ල අද නිහඬයි. ඒ නිසා මේ නිහඬ බව බිඳිය යුතුයි. මැතිවරණ ප්‍රතිඵලය කුමක් වුණත් කමක් නැහැ මේ නිහඬ බව බිඳින්න නැතිනම් මිනිසුන් සැකකරයි මේ ආදරය කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂට කියලා. මේක නිවැරදි කරලා දෙන්න.

සෝභිත ස්වාමීන් වහන්සේ 20 වැනි සංශෝධනය ගේන්න කොයිතරම් උත්සාහ ගත්තත් රනිල් මහත්තයට 20 නෙමෙයි ඕන වුණේ විස්වාසභංගයෙන් පැනලා යන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයි. අපේ සෝභිත ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්නේ තැටිය රත්වෙචිච වෙලාවේ රොටිය පුච්ච ගන්න කියලා. ඔබ වහන්සේ හිතන් ඉන්නේ රෝටිය පිචච්චිලා ඉවරයි කියලා අපිටත් පෙනුණේ එහෙමයි. හැබැයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයගේ රොටියේ පිටි තැම්බිලා නැහැ. ඒ නිසා දැන්වත් මේ නිහඬ බව බිඳින්න කියා මා ඉල්ලා සිටිනවා" යැයිද සදහන් කොටසිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2250521269910401279

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item