තැඹිලි අනර්ගතම ස්පෝර්ට් ඩි‍්‍රන්ක් එකක් – පුංචි ලිඳේ වතුර ගුණයි
අපේ රටේ බොහෝ ප‍්‍රදේශ වල වැවෙන තැඹිලි ගස් වල ඵලය ‘‘තැඹිලි’’ මොන තරම් වටිනා පානයක් ද? පහත තොරතුරු ඔබ මවිතයට පත් කරවනු නොඅනුමානය. තැඹිලි වතු...
https://www.sathhanda.com/2015/07/blog-post_98.html
- තැඹිලි වතුර ස්වභාවික Isotonic Beverage පානයකි. එහි සංයුතිය අප සිරුරේ පවත්නා Isotonic සංයුතියට බෙහෙවින් සමානය.
- 1941 – 45 කාලයේ පැවති පැසිෆික් යුද්ධයේදී දෙපැත්තේම තුවාල ලත් සොල්දාදුවනට තැඹිලි ලබාදීමෙන් Emergency Plasma Transfusion ප‍්‍රතිකාරය සිදු වුනේය. ඉන් අපමන මිනිස් ජීවිත රැුකුනේය.
- තැඹිලි වතුර සම්පූර්ණ යොදය සහිත පිටිකිරි වලට වඩා පෝෂ්‍යදායී වේ. එහි කොලොස්ටරෝල් නැත. මේදය ද නැත.
- තැඹිලි වතුර වල දොඩම් වීදුරුවකට වැඩි පෝෂණයක් පවතී. පවත්නා කැලරි ප‍්‍රමාණය දොඩම් වීදරුවකට වඩා අඩුය.
- තැඹිලි වතුර ළදරු කිරිපිටි වලටත් වඩා උසස්ය. මව්කිරි වල තිබෙන ලෝරික් අම්ලය තැඹිලි වතුර වලද පවතී.
- තැඹිලි වතුර ස්වභාවයෙන්ම ජීවාණුහරිතයි. ඒ නිසා විෂබීජ සිරුරුගත වන්නේ නැත.
- තැඹිලි වතුර වල විශාල වශයෙන් පොටෑසියම් තිබේ. (299mg)
- Sport Drink හා බොහෝ Energy Drink වල එම අගය 117mg ට වැඩි නොවේ.
- තැඹිලි වතුර වල සෝඩියම් ඇත්තේ අඩුවෙනි. (25mg) Sports Drink වල සෝඩියම් 41mg හා Energy Drinkන වල සෝඩියම් 200mg තිබේ.
- තැඹිලි වතුර වල ක්ලෝරයිඩ විශාල ප‍්‍රමාණයක් 118පට තිබේ.Sports Drink වල ක්ලෝරයිඩ ඇත්තේ 39mg පමණි.
- තැඹිලි වතුර වල ස්වභාවික සීනි 5mgතිබේ. Sports හා Energy Drink වල වෙනස් කරන ලද සීනි 10-25mg අතර ප‍්‍රමාණයක් තිබේ.
අපගේ සැලකිල්ල නිබඳ යොමුවන්නේ කඩෙන් මිලදී ගන්නා පාන වර්ග වෙතය. එහෙත් නිසගයෙන්ම ස්වාභාවික, ස්වභාවයෙන්ම පිරිසිදු, ස්වාභාවික සීනි, ලූණු හා විටමින් වලින් පමණක් සැදුම්ලත් පුංචි ලිඳේ තැඹිලි පානය මොන තරම් වටිනා පානයක්ද?


Related