'මෛත්‍රී, රනිල් ශක්තිමත් කිරීම මගේ අරමුණයි', අපි පවුල්වාදයේ නෑ - අනෝමා
ඇතැම් දේශපාලන පක්‍ෂ සමඟ සන්ධාන ගත වීමට නොහැකි බැවින් තනිව තරඟ කළත්, වත්මන් ජනාධිපතිවරයා ගේ සහ අගමැතිවරයාගේ ගමන ශක්තිමත් කිරීම තම අරමුණ වී ඇ...

https://www.sathhanda.com/2015/07/blog-post_902.html
ඇය මේ බව කියා සිටියේ යහ පාලනය සඳහා වූ සන්ධානය සමඟ සන්ධාන ගත නොවූයේ මන්දැයි බීබීසීය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
හිටපු හමුදාපතිවරයාගේ දේශපාලන උපාය අනෝමා ෆොන්සේකා දකින්නේ එකම ඉලක්කයට දෙපැත්තෙන් ම පහර දීමක් ලෙසිනි.
‘මහින්ද රාජපක්ෂ සහ පිරිස බලයට පැමිණීම වළක්වන එක තමයි අපිටත් අනෙක් පක්ෂවලටත් තියෙන එකම තේමාව. අපි ඒ තේමාව තුළ සිට වෙනම පැත්තකින් තමයි ඒක ඉලක්ක කරන්නේ. අපි දෙපැත්තකින් තමයි ගහන්නේ. අපි දෙගොල්ලන්ගේම ඉලක්කය එකයි.’ හිටපු හමුදාපතිවරයාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා පවසයි.
පවුල් වාදයට එරෙහිව කතා කරද්දී තමන්ද මැතිවරණයට ඉදිරිපත් වන්නේ කෙසේදැයි කළ විමසීමේ දී ඇය කියා සිටියේ තමා ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් මිස තම පවුලේ උන්නතිය වෙනුවෙන් නොවන බවයි.
‘මේ පළමුවැනි වතාව නෙමෙයි. මගේ ස්වාමියා හිර භාරයට ගත් වෙලාවෙත් මම නැගී සිටියා. එතුමාව නිදහස් කර ගැනීමටත් මම නැගී සිටියා. මගේ දියණියන් දෙදෙනා කවදාවත් දේශපාලනයට එන්නේ නැහැ. මේක රටේ අනාගතය වෙනුවෙන් මිස අපි වෙනුවෙන් යන ගමනක් නෙමෙයි.’ ඇය පිළිතුරු දුන්නාය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ තම පක්ෂ නායකත්වය දැඩි බැඳීමක් පවතින බවත් රටේ යහපත වෙනුවෙන් සියලු පියවර ගන්නා බවත් 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' ගම්පහ දිස්ත්‍රික් ඡන්ද අපේක්ෂිකා අනෝමා ෆොන්සේකා වැඩි දුරටත් පවසන්නීය.
Related