කෑමෙන් කොලෙස්ටරෝල් අඩු කර ගනිමු
සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය, Statins නමින් හැඳින්වෙන ඖෂධය මගින් අඩු කෙරේ. නමුත් අප ගන්නා ආහාරවල වෙනසක් කිරීමෙන් කෙතෙක් දුරට කොලෙස්ටරෝල්...

https://www.sathhanda.com/2015/07/blog-post_914.html
නමුත් අප ගන්නා ආහාරවල වෙනසක් කිරීමෙන් කෙතෙක් දුරට කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගත හැකිද ?
බ්‍රිතාන්‍ය ජනතාවගෙන් 60% ක පමණ සිරුරේ සාමාන්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා වැඩියි.
ඔවුන්ට Statins ඖෂධය පාවිච්චි කිරීමට උපදෙස් ලැබේ.
නමුත් මෙම ඖෂධය පාවිච්චියෙන් අතුරු ආබාධ ඇති වන නිසා බොහෝ දෙනෙක් ඒවා දිගු කාලීනව භාවිතා කිරීමට අකමැතියි.
ලන්ඩනයේ 'කිංග්ස් කොලේජ්' විශ්ව විද්‍යාලයේ ආචාර්ය ස්කොට් හාඩින්ග් ගේ සහය ඇතිව කුඩා අධ්‍යනයක් ආරම්හ කළේ ඖෂධ භාවිතා නොකොට කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගත හැකි ආකාරය සොයා බැලීමට.
ඒ සඳහා හතළිස් දෙදෙනකු ස්වේච්චාවෙන් සහභාගී වූ අතර ඔවුන් සියලු දෙනාම කොලෙස්ටරෝල් පිළිබඳව අවධානයකින් පසුවූ අතර ඖෂධ භාවිතා නොකොට කුමක් කළ හැකිද යන්න පිළිබඳව උනන්දුවක් දැක්වූ අයයි.
ලේ සාම්පල
මුලින්ම කළේ ඔවුන්ගේ ලේ සාම්පල ගෙන පරීක්ෂා කිරීමයි.
කොලෙස්ටරෝල් බොහෝ ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ අක්මාව තුළ.
ඉන් අනතුරුවයි සිරුරේ අවශ්‍ය සෛල කරා ඒවා ඇදී යන්නේ.
ඔවුන්ගේ ලේ සාම්පල ලබා ගැනීමෙන් පසු ආචාර්ය ස්කොට් හාඩින් විසින් මේ පිරිස කණ්ඩායම් තුනකට වෙන් කරන ලදී.
ඔවුන් තෝරා ගන්නා ලද්දේ අහඹු ලෙසයි.
පළමු කණ්ඩායමට උපදෙස් ලැබුනේ සාම්ප්‍රදායික කොලෙස්ටරෝල් අඩු ආහාර වේලක් ගන්නා ලෙසට.
එනම් සම්පූර්ණ මේදය සහිත කිරි හා චීස්, සහ බටර් ආහාර වෙනුවට එළවළු සහිත ආහාර.
බිත්තර, බේකන් සහ සොසේජ් අනුභව නොකරන ලෙසට සහ සම රහිත කුකුළු මස් ආහාරයට ගන්නා ලෙසටයි උපදෙස් ලැබුණේ.
ආචාර්ය ස්කොට් හාඩින් දෙවැනි කණ්ඩායමට පැවසුවේ සියලු ආහාර අත්හැර දිනකට, වේල් තුනකට සරිලන සේ ඕට්ස් ධාන්‍යය ග්‍රෑම්ස් 75 ක් ගන්නා ලෙසයි.
ඕට්ස් කෙඳි සහිත ආහාරයක් වනවා සේම ධාන්‍ය හෝ බෝංචි සහ පරිප්පු වැනි භෝග වර්ග මෙන්ම එළවළු මගින් ද සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කෙරේ.
එය සිදු කෙරෙන්නේ බඩ වැලේ ඇති මේදය සහ කොලෙස්ටරෝල් හා එක්ව ක්‍රියා කිරීමෙන් ඒවා උරා ගැනීමට ඉඩ නොදීම මගින්.
තුන්වැනි කණ්ඩායමට උපදෙස් ලැබුණේ සාමාන්‍ය ආකාරයෙන් ආහාර ගන්නා ලෙසටයි.
නමුත් එම ආහාරවලට ඇල්මන්ඩ් ග්‍රෑම්ස් 60 ක් එක් කරන ලෙසටත් උපදෙස් ලැබුණි.
ශාක ඇට වර්ග කෙඳි වලින් බහුලයි එමෙන් ශාක සාර ද කොලෙස්ටරෝල් අවශෝසනය කිරීම අඩු කරයි.
ආහාර වට්ටෝරු
ස්වේච්ඡාවෙන් මෙම පර්යේෂණයට ඉදිරිපත්වූ හතළිස් දෙදෙනා මෙම ආහාර වට්ටෝරු ද රැගෙන සති හතරක් ඒවා අත් හදා බැලීම සඳහා පිටත් කර යවන ලදී.
එහෙත් අපේක්ෂිත ප්‍රතිඵලය බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවීය.
නමුත් ආමන්ඩ් ආහාර වේලට ඇතුළත් කළ කණ්ඩායම සතුටුදායක ප්‍රතිඵල අත් කර ගෙන ඇති බව ආචාර්ය ස්කොට් හාඩින්ග් පෙන්වා දුන්නේය.
ඕට්ස් වැනි කැඳ වර්ග ගත් පිරිස සහ සම්පූර්ණ මේදය සහිත කිරි හා චීස්, සහ බටර් ආදියෙන් තොර ආහාර ගත් කණ්ඩායම් වල කොලෙස්ටරෝල් ප්‍රමාණය පිළිවෙළින් 10% සහ 13% වශයෙන් අඩුව තිබෙනු දක්නට ලැබුණි.
මෙයින් පෙනී යන්නේ ආහාර වේලේ සාමාන්‍ය වශයෙන් කෙරෙන වෙනස්කම් මගින් කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගත හැකි බවයි.
Statins, ඖෂධ මගින් ලබා ගන්නා ප්‍රතිඵලය ලබා ගැනීම පිණිස එකිනෙකට වෙනස් ආහාර පිලිවෙත් අනුගමනය කිරීම උත්සාහ කොට බැලිය යුතුයි.
ආහාර වේලේ වෙනස්කම් කිරීමට පෙර ලේ සාම්පලයක් ගෙන බලා පසුව එය සසඳා බැලීමෙන් ඒ පිළිබඳ අවබෝධයක් ඈති කර ගැනීම වඩාත් සුදුසු බවයි පර්යේෂකයන්ගේ උපදේශය.
Related