TNA ප්‍රතිපත්ති ප්‍රකාශය - උතුරු නැගෙනහිර ඒකාබද්ධවූ ෆෙඩරල් විසදුමක් යෝජනා කරයි.

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වූ මාධ්‍ය හමුව 

උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යගත කෙරෙන පෙඩරල් ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වමින් එහි නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා 25 දා යාපනයේදී පැවසීය.

දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම සදහා යොදාගෙන තිබුණේ යාපනයේ උඩුවිල්,මරදනාර්තොට්ටම් ක්‍රීඩාංගණයයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,පළාත් සභා අමාත්‍යවරු මෙන්ම මන්ත්‍රීවරුද,සෙසු දේශපාලන ක්‍රියාධරයින් සහ විද්වතුන්ද සහභාගි වී සිටියහ.
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධව

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමෙන් පසුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ වන අන්දමට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට බලය බෙදාහැරෙන ෆෙඩරල් ක්‍රමයකට යාම දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂාව වන බවයි.තිපත්ති ප්‍රකාශනයෙන් අපේක්ෂා කරන බවයි.

මැතිවරණය අවසන් වනතුරු කවර පක්ෂයක් සමග හෝ සාකච්ඡා නොකරන බවත් බලයට පත්වන රජය සමග සාකච්ඡා කොට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන දේවල් ලබාදෙන්නේ නම් පමණක් එම රජයට සහය ලබාදෙන බවත් ඔහු පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1332028889762087371

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item