රනිල් අරලියගහ මන්දිරය ඡන්ද වැඩට අරගෙන
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලට යොදා ගනිමින් විවිධ රැස්‌වීම් සහ හමුවීම් පවත්වන බව ට්‍රාන්ස්‌පේරන්...

https://www.sathhanda.com/2015/07/blog-post_939.html

එක්‌සත් ජාතික පෙරමුණට සම්බන්ධ අනෙකුත් දේශපාලන පාර්ශ්වයන් සමඟ සම්මුතියකට එළැඹීමේ උත්සවයද අරලියගහ මැඳුරේ පවත්වමින් පොදු දේපළ අයථා ලෙස පරිහරණය කළ අයුරු දක්‌නට ලැබූ බවද ඉදිරියේදීත් අරලියගහ මන්දිරය යම් යම් දේශපාලන කටයුතුවලට යොදා ගැනීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි ද ඊයේ (17 දා) පැවති මාධ්‍ය හමුවකදී ශාන් විඡේතුංග මහතා කීවේය.
මැතිවරණ සමයේදී රාජ්‍ය දේපළ ඡන්ද ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බවට පොදු දේපළ රැක ගැනීමේ වැඩසටහන වෙත මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇතැයි කී විඡේතුංග මහතා ආණ්‌ඩු පක්‍ෂය සහ විපක්‍ෂය සම සමව මෙම මැතිවරණ නීති උල්ලංඝනය කර ඇතැයිද කීවේය.
ලැබූ පැමිණිලි අතරින් සාක්‌ෂි සහිතව පැමිණිලි සියයට අසූවක් මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත ඉදිරිපත් කළ බවද හෙතෙම කීවේය.
Related