ශ්‍රී ලාංකිකයින්ගේ බඩගින්න වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ නගරයක් නම් කෙරේ
විවිධ රටවල ප්‍රදේශවලට හෝ නගරවලට දමා ඇති නම් පිළිබඳව අවදානය යොමු කිරීමේදී ඇතැම් නම් තුළ විශේෂතා දැකිය හැකි ය. ඕස්ට්‍රේලියාවේ, වික්ටෝ...

https://www.sathhanda.com/2015/07/blog-post_974.html
විවිධ රටවල ප්‍රදේශවලට හෝ නගරවලට දමා ඇති නම් පිළිබඳව අවදානය යොමු කිරීමේදී ඇතැම් නම් තුළ විශේෂතා දැකිය හැකි ය.
ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රදේශයේ කුඩා නගරයක් තිබේ.
මෙම නගරයේ ඇති විශේෂත්වයක් වන්නේ, නගරයෙහි නම සිංහල නමක් වීම ය.
ඒ, ‘බඩගිනි’ යනුවෙනි.
මෙලෙස ‘බඩගිනි’ යනුවෙන් නම් කිරීමට කිසියම් විශේෂ කරුණක් තිබිය යුතු ය.
මේ සම්බන්ධයෙන් මතවාද 2ක් පවතියි.
ඉන් එක් මතවාදයක් වන්නේ, 1860දී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසක් මෙල්බන් සිට සිඩ්නි දක්වා දුම්රිය මාර්ගය ඉදි කර ඇත.
ඕස්ට්‍රේලියානු වාර්තාවල සඳහන් වන පරිදි එම පිරිසට ආහාර සැපයීමට එරට බලධාරීන් අසමත් වී තිබේ.
මේ නිසා එම සේවකයින්ට ආහාර නොමැතිව බඩගින්නේ සිටීමට සිදු වී ඇති අතර එම නිසා ඔවුන් සිටි කඳවුර ‘බඩගිනි’ ලෙස නම් කර තිබේ.
මේ හේතුව නිසා එම ප්‍රදේශය අදට ත් ‘බඩගිනි’ ලෙස හැඳින්වේ.
අනෙක් මතවාදය වන්නේ, කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජීවත් වූ සිංහල භාෂාව පිළිබඳ යම් අවබෝධයක් ඇති ඕස්ට්‍රේලියානු මිනින්දෝරුවෙක් නැවත සිය රට වෙත ගොස් වික්ටෝරියා ප්‍රදේශයේ මෙම නගරයෙන් ගමන් කරන අතරතුර එම මිනින්දෝරුවාට බඩගින්නක් ඇති විය.
ඔහු මෙරට බඩගින්න යන වචනය එම අවස්ථාවේදී භාවිත කර ඇත.
කෙසේ වෙතත් ලාංකික වචනයකින් විදේස් රටක නගරයක් නම් වීම ලාංකිකයින්ට සුවිශේෂී කරුණක් වේ.
Related