පුපුරණ ද්‍රව්‍ය සහිත බැරලයක් සොයා ගැනේ

කටුනායක ගුවන් හමුදා කදවුර ආසන්නයේ කාණුවක තිබී පුපුරණ ද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් බැරලයක් ඊයේ (27) සොයා ගැනුණා. මෙම ප්‍රදේශය එළිපෙහෙළි කළ ප...

කටුනායක ගුවන් හමුදා කදවුර ආසන්නයේ කාණුවක තිබී පුපුරණ ද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් බැරලයක් ඊයේ (27) සොයා ගැනුණා. මෙම ප්‍රදේශය එළිපෙහෙළි කළ පුද්ගලයන් එය මුළින්ම දැක ඇති ඇති අතර පසුව ඔවුන් විසින් ඒ බව ගුවන් හමුදා කදවුරට දැනුම් දී තිබෙනවා. ඒ අනුව එහි ඇති පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට කටයුතු යොදා ඇති බවයි ගුවන් හමුදා ප්‍රකාශක, වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

2009 වසරේදී කොළඹට පැමිණි එල්.ටී.ටී.ඊ. සැහැල්ලූ ගුවන් යානයක් ගුවන් හමුදාව මගින් බිම හෙලනු ලැබුවේ මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් ප්‍රදේශයේදියි. ඒ අනුව එය මෙම ගුවන් යානයේ තිබූ එකක් බවට සැක කෙරෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6806808642724941137

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item