"දූෂණය අඩු කළා නෙවෙයි නැති කළා" - මුදල් ඇමති
යහපාලන ආණ්ඩුව යටතේ සිදු කළේ දූෂණය අඩු කිරීම නොව දූෂණය තුරන් කිරීම බවත් දූෂිත ව්‍යාපෘතිවලට යෙද වූ මුදල් ජනතාවගේ සාක්කුවට යන වැඩපිළිවෙළ ආරම්භ...
https://www.sathhanda.com/2015/07/ravi-karunanayaka.html
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
"එදා සුදු වෑන්වලට, ජීවන වියදමට දැනුණු බය දැන් නැහැ. අද මිනිස්සුන්ගෙ හිනාවෙන් පේනවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා කියලා. පොරොන්දු 100 යෙන් 81 ක් ක්‍රියාමක කළේ මගේ අමාත්‍යාංශය හරහා. අපි ඒවා කළේ කොහොම ද කියලා දැන් හැමෝටම ප්‍රශ්නයක්. අපි දූෂණය අඩු කළා නෙමෙයි නැති කළා. බොරු ව්‍යාපෘති අපි ළඟ නෑ. ඒවා අපි ජනතාවට සහන වශයෙන් දෙනවා.“


Related