"ඒකාලේ කිවුව්ව ඒවා වැඩිය හිතන්න එපා" චම්පික හලාල් සහතික ගැන කියයි

පසුගිය දා කොළඹ එජාප මුස්ලිම් ප්‍රජාවගේ හමුවක් රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, චම්පික රණවක, මුසම්මිල් සහ ඔහුගේ බිරිඳ වන ෆෙරොසා මුසම්මිල් ගේ ...

පසුගිය දා කොළඹ එජාප මුස්ලිම් ප්‍රජාවගේ හමුවක් රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, චම්පික රණවක, මුසම්මිල් සහ ඔහුගේ බිරිඳ වන ෆෙරොසා මුසම්මිල් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ අවස්ථාවේ එජාපයට කොළඹ මුස්ලිම් ප්‍රජාවගේ පුලුල් පෙරමුණක් ගොඩ නැගීමට සාකච්චා වී ඇති අතර ,එහිදී  මෙරට මුස්ලිම් ප්‍රජාව මෙන්ම විශ්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාව මුහුණ පාන ගැටලුද සාකච්චා වී ඇත. ඒ අතර පදික වෙළදුන්ගේ ප්‍රශ්නයට විසදුමක් ලබාදීමත්, අලුතින් යෝජිත මුස්ලිම් දේවස්ථාන සඳහා අනුමැතිය ලබාගැනීමත්, පසුගිය සමයේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදුවූ සිදුවීම් වල පරීක්ෂණ වල ප්‍රගතිය ගැනත් සාකච්චා වී තිබේ. 

මෙහි විශේෂම සිදුවීම නම් පසුගිය කාලයේ උග්‍ර මුස්ලිම් විරෝධියකු වූ චම්පික රණවක මහතා සහභාගී වීමත් එතන සිටිය කිහිප දෙනෙක් ඔහුගෙන් හලාල් සහතිකය සම්බන්ධව සාකච්චා කිරීමත්ය.  එහිදී කතාව වැඩි දුර යන්න කලින්ම චම්පික අමාත්‍ය වරයා පවසා ඇත්තේ, ඒ කාලේ කිවුව්ව ඒවා ගැන දැන් වැඩිය හිතන්න එපා. අපි රටේ අවශ්‍ය තාවයට ප්‍රමුඛ තව දෙමින් වැඩ කරන්නේ. අප ඒ අවස්ථාවේ මැදහත් නොවුයේ නම් හලාල් ප්‍රශ්නය ගොඩක් දුර දිග යන බවත්, හෙළ උරුමයේ මැදහත් වීමෙන් හලාල් ප්‍රශ්නය තමන් අතට ගෙන එය ක්‍රමයෙන් නිහඩ වීමට ඉඩ හැරිය බවත් පවසා තිබේ. දැන් හෙළ උරුමය නැති බවත්, ඔහු සමග සිටින පිරිසට මුල්ස්ලිම් ප්‍රජාව සම්බන්දයෙන් කිසිම ගැටළුවක් නැති බවත් ප්‍රකාශ කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. uQ j.fa








    මූ වගේ අවස්තාවාදී හොර උපාසක පරයෙකුට අපිත් රැවටුන එකනෙ වැඩේ. එ් ගැන අද අපිටම ලැජ්ජයි.


    ReplyDelete

emo-but-icon

Related

පුවත් 7114949006606369493

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item