මම දෙතුන් පාර අගමැති කමේ ඉන්නේ නෑ - රනිල්, එත් දැනටමත් ඔහු 3 පාරක් අගමැති කමේ ඉදල තියෙනවා
තමා මහින්ද රාජපක්ෂ නොවන බවත් බලයේ ඉන්න කෑදර කමක් නැති බවත් තමාගේ වැඩේ කර ගෙදර යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ...

https://www.sathhanda.com/2015/07/ranil.html
ඔහු මේ බව පැවසූවේ මහනුවර - අකුරණ පසුගිය 24වැනිදා පැවති ජනහමුවක් අමතමිනි.
හිටපු ජනාධිපතිවරයා මෙන් දීර්ඝ කලක් බලයේ රැදී සිටීමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් තමන්ගෙන් රටට ඉටුවිය යුතු වැඩ කොටස සිදුකිරීමෙන් අනතුරුව තමන් බලයෙන් නික්ම යන බවත් අගමැතිවරයා අවධාරණය කළේය.
රට තුළ ආගම්භේද ඇතිවීමට ඉඩ නොතබන බවත් ශ්‍රී ලංකාව මුහුණදෙන බරපතලම ප්‍රශ්නය විරැකියාව බවත් අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
එහෙත් අප දන්නා පරිදි රනිල් වික්‍රමසිංහ මහතා තුන් වතාවක් අගමැති කම දරලා තියෙනවා. එමෙන්ම ඒ සියලු අවස්ථාවන් වල ඔහුගෙන් රටට වූ සේවයට වැඩ රටට වුනු අයහපත නම් ඉතා වැඩි බව ඉතිහාසය සාක්ෂි දරයි.
Related