' ජනතාවට මුහුණ දෙන්න බෑ' - පක්ෂයෙන් ඉවත් කිරීම ගැන හිරුණිකා කතා කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් ඉවත් කිරීම පිළිබඳ දැනුම් දී නැති බවත් ඒ පිළිබඳ තමන්ට දුකක් මෙන්ම සතුටක්ද ඇති බවත් බස්නාහිර පළා...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් ඉවත් කිරීම පිළිබඳ දැනුම් දී නැති බවත් ඒ පිළිබඳ තමන්ට දුකක් මෙන්ම සතුටක්ද ඇති බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි එජාප අපේක්ෂක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඒෂියන් මිරර් වෙත පවසා තිබේ.

වාමාංෂික දේශපාලනයෙන් දේශපාලනය ඇරඹූ තමන් එම පක්ෂයෙන් ඉවත් කිරීම ගැන දුකක් ඇති වුවද සියලු දේම වෙන්නේ හොඳට යැයි සිතා ඒ පිළිබඳ සතුටට පත් වන බවත් ඇය සඳහන් කළාය.

පසුගිය රජය සමයේ තිබූ දූෂිත පාලනයට එරෙහිව යහපාලනය වෙනුවෙන් එවකට ශ්‍රීලනිප මහලේකම් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට පක්ෂයෙන් ඉවත් වූ බවත් ඉන් පසුද තමන්ව පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු පක්ෂ සාමාජිකත්වය ලබා දුන් බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

මේ හේතුවෙන් ජනතාවට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් තමන් තීරණය ගත්තේ පක්ෂ ප්‍රතිපත්ති ගැන සිතා නොව පෞද්ගලික සිතා හොඳ ප්‍රතිපත්ති මත බවත් ඇය පෙන්වා දුන් අතර ජනතාවගේ සිතුම් පැතුම් වෙනුවෙන් පිරිසිදු පුද්ගලයින් සිටින පක්ෂයකට පැමිණීම නිවැරදි තීරණයක් බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8681568422003402610

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item