රාජ්‍ය සේවකයා සුරකින්න හැම පියවරක්ම ගන්නවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ
ලිපිකරුවා, කම්කරුවා, රියැදුරාගේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා රාජ්‍ය සේවකයන් තුට්ටුවකට දා ප්‍රශ්න කරන යුගය අවසන් කරන්නේ යැයි හිටපු ජනාධිප...

https://www.sathhanda.com/2015/07/mahinda-rajapaksa_30.html
ලිපිකරුවා, කම්කරුවා, රියැදුරාගේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා රාජ්‍ය සේවකයන් තුට්ටුවකට දා ප්‍රශ්න කරන යුගය අවසන් කරන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
හය මාසික යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයාගේ කටට පිස්තෝල දමා ප්‍රශ්න කරන තත්ත්වයක් නිර්මාණය කළත් රාජ්‍ය සේවකයා සද්භාවයෙන් කරනා කාර්ය සම්බන්ධයෙන් ප්‍රශ්න නොකරන්න. නඩු නොපවරන්න. සන්ධාන ආණ්ඩුවක් යටතේ පියවර ගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ගලගෙදර බස්නැවතුම ඉදිරිපිට හා කඩුගන්නාව සුනිල් එස්. අබේසුන්දර ක්‍රීඩාංගණයේදී 27 වැනිදා පැවති මහජන රැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීය.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය
අපේ අගමැති බලයේ ඉද්දී තමයි දන්නෙම නැතුව රනිල් වික්‍රමසිංහ බලයට ආවේ. ගලගෙදර කියන්නේ ඓතිහාසික ආසනයක්. ටී. බි. ඉලංගරත්න මහත්තයාගේ උපන් බිම. එතුමාට අපි අදටත් ගෞරව කරනවා. එතුමාටත් ලොකුවට චෝදනා දැම්මා. එතුමාට ඇපල් වතු තියෙනවා, ස්විට්සර්ලන්තයේ ගෙවල් තියෙනවා කිව්වා. නමුත් අන්තිමට අපි දන්නවා එතුමා මියගිය ආකාරය. එතුමාට ‘කරවල කුමාරයා’ කියලා කිව්වා. එවැනි අපහාස විඳින්න වුණේ සතොස වැනි ව්‍යාපාර ආරම්භකොට, රක්ෂණය, බැංකු වැනි ව්‍යාපාර ආරම්භ කරලා රටට අලුත් මාවතක් ඇති කළ නිසා කියලයි මගේ විශ්වාසය.
ආචාර්ය සරත් අමුණුගම මහතා කිව්වා මොන තරම් වැඩකොටසක් අපි මේ පළාතට පසුගිය කාලේ කර තියෙනවාද කියා. ඒ සියලු සංවර්ධනය එකපාරට ඇනහිටියා. අධිවේගී මාර්ගය නතර වුණා. මේවා නතර කිරීමේ ප්‍රතිඵලය ලක්ෂ 15 කට රක්ෂා නැතිවීමයි. ගමේ හිටිය කම්කරුවට, ගල් කඩපු කම්කරුවට, වඩු මහත්තයාට, ලොරි එලවූ මනුෂ්‍යයාට, මේසන් බාස්ට මේ සියලු දෙනාගේ රස්සාත් ඉහළම පන්තියේ ඉංජිනේරුවන් 700 ක් එක සමාගමින් පමණක් එකවර එළියට දැම්මා. මේවා සියල්ල නැති කළා. ජනතාවට මේවා තේරුණේ නෑ. මේ රජයක් කොහොමද ජීවිත පාලනය කරන්නේ කියා මෙයාලා දන්නේ නෑ.
මේ සංවර්ධනය රටේ ජනතාවට අවශ්‍ය සංවර්ධනයක්. මගෙන් පිළිගන්න සංවර්ධනය නැවැත්තුවොත් එය ජනතාවගෙන් පළිගැනීමක් වෙනවා. මොකද මේ ආකාරයෙන් ජනතාවගෙන් පළිගන්නේ. මේ උතුරු නැගෙනහිර හැර අන් හැම පළාතකම අපි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කර තිබෙනවා. මහනුවර ගලගෙදර ආසනය අපි දින්නා. ඒ ගැන ඔබට ස්තූතිවන්ත වෙන්න ඕන.
අද කිසිම වැඩක් නොකර මඩගහන එක පමණයි කරන්නේ. ඔබ දන්නවා මොවුන් පොරොන්දු දුන්නා. තේ, රබර්වලට ඉහළ මිලක් දෙනවා කිව්වා. තේවලට, වී වලට මොනවද වුණේ? තේ වලට 80 ක් දෙනවා කියා කීයද දුන්නේ? දැන් කියනවා 90 ක් දෙනවා කියා. 80 ක් දෙන්න බැරි වූ කෙනා කොහොමද 90 ක් දෙන්නේ? දැන් රබර් කපන්නේ නෑ. මම 300 ක් රබර්වලට දෙනකොට එයාලා 350 ක් දෙනවා කිව්වා. මම කියනවා රබර්වලට 380 ක් දෙනවා කියා. අපි දෙනවා කිව්වොත් දෙනවා.
මේ රටේ කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම විනාශ කරන වැඩපිළිවෙළකට මේ යන්නේ. පිටරටින් ආහාර ගෙනත් කුඹුරු ගොඩකොට ව්‍යාපාරවලට හරවන්න තමයි එයාලා උත්සාහ කළේ. නමුත් අද ව්‍යාපාරිකයන්ට මොකද වෙලා තියෙන්නේ. එදා ජනතාව අතර සල්ලි තිබුණා. රජයේ රැකියා ලක්ෂ 15 කට ලැබෙනකොට උපාධිධාරීන්ට රැකියා ලැබෙන කොට, ගමේ ජනතාව අතර සල්ලි තිබුණා. අද ඒක නැතිවෙලා ගිහින්. එවිට ව්‍යාපාරික ක්ෂේත්‍රයට විශාල පහරක්. මැණික්, තේ, රබර් කර්මාන්තයේ සිටම හැම ව්‍යාපාරයක්ම කඩාවැටිලා. තම ආදායම නැතිවෙලා තිබෙනවා. මෙයට හේතුව ජනතාව අතර සල්ලි නැතිකමයි.
එමෙන්ම ජීවන වියදම දවස ගානේ වැඩිවෙනවා. හැමදෙයකම මිල වැඩිවෙලා. ඒකට හේතුව රුපියල බාල්දු කරනවා. රුපියල බාල්දු වෙන්න බාල්දු වෙන්න බඩු මිල වැඩිවෙනවා. ඔබට පරිප්පු 80 ට දෙනවා කිව්වත් දැන් පරිප්පු කීයද? දැන් පරිප්පු 220 ට දෙනවා. මෙය එක උදාහරණයක්. ඔබ දන්නවා මේ අල ගොවියන් අල වගාකරන විට එක සමාගමකට දුන්නා ලංකාවට අල ආනයනය කරන්න. ලංකාවට අල ගෙනෙන දවසේ ආනයනික බද්ද අඩු කළා. බද්ද අඩුකරලා අල ටික රටට ආවට පස්සේ බද්ද වැඩිකළා. මුදල් අමාත්‍යාංශය මෙය පරිප්පුවලටත් කළා. මේ එක ගැසට් පත්‍රයක්වත් පාර්ලිමේන්තුවට මැයි මාසය වන විටත් ඉදිරිපත් කරලා නෑ. මොකද මේ ගැසට් අද දානවා හෙට අයින් කරනවා. මේ මොකද කරන්නේ? එක එක ව්‍යාපාරිකයන්ගේ එක එක ඕනෑ එපාකම්වලට මේ ගොවීන් පාවාදීමක් තමයි මේ කරන්නේ. ඒ නිසා මේවායින් පරිස්සම් වෙන්න ඔබ බලාගන්න ඕන.
මේ රටේ තරුණ තරුණියන්ට ස්වයං රැකියාවක් සඳහා වන ආධාර හා අඩුපොලියට ණය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ආධාර දෙන ගමන් ලක්ෂ 5 දක්වා ණය මුදලක් සහන පොලියට ලබාදීමට පියවර ගන්නවා. ඒ එක්කම තරුණයන් කාර්මික අධ්‍යාපනයක් ලබාදෙන්න වයස 18 න් පසුව තරුණයන්ට රුපියල් 50,000 ක මුදලක් ලබාදීමට පියවර ගන්නවා. අපි කියපු දේ කරපු මිනිස්සු. කරන දේ කියන මිනිස්සු. ඒක නිසා කරන්න බැරි නම් මේවා කියන්නේ නෑ.
එදා ගොඩනගාගෙන ආපු ආර්ථිකය දැන් කඩාහැලිලා. ආර්ථිකය අද බිම දිගාවෙන තත්ත්වයට පත්වෙලා. රටක් දියුණු කරන්න නම් රටක් ඉදිරියට යන්න නම් ලෝකයත් එක්ක තරග කරන්න නම් මෙරට ශක්තිමත්ව ගොඩනගන්න ඕන.
එමෙන්ම ජීවන වියදම අඩුකිරීමට අපි අනිවාර්යයෙන්ම පියවර ගන්නවා. අද ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක්. මේවා පිළිබඳ ඔබ අවබෝධයෙන් ඉන්න. ඔබගේ රට නිදහස් කර ගත් රටයි. අම්මේ තාත්තේ ඔබේ දරුවට, නංගියේ මල්ලියේ ඔබේ දෝතේ ඉන්න කුඩා දරු පැටියට තමන්ටම කියා මාතෘභූමියක් තියෙන්න ඕන. ඒ නිසා මේ මාතෘභූමිය රැකගන්න අපි සූදානම් වෙන්න ඕන. ඒ මේ රට නැවත කඩන්න. නැවත බෝම්බ පුපුරණ යුගයක් ඇති කරන්න ඉඩදෙන්න පුළුවන්කමක් නෑ. ඒක තමුන්නාන්සේලා තීරණය කරන්න ඕන.
අද රජයේ සේවකයා තුට්ටුවට වැටිලා. ඔවුන්ගේ ගෞරවය නැතිවෙලා. ලිපිකාරයාගේ සිට ඉහළ නිලධාරියා දක්වා, කම්කරුවාගේ, රියැදුරාගේ සිට අමාත්‍යාංශයේ ලේකම් දක්වා අද මූල්‍ය අපරාධ ඒකකයට ගෙන යනවා. සමහර ලේකම්වරුන්ට පිස්තෝල පෙන්නලා ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
අපි බලයට පත්වූ පසු ඒ අගෞරවය නැති කරලා රාජ්‍ය සේවය ගෞරවනීය සේවයක් කරන්න සද්භාවයෙන් කරන කිසිම ක්‍රියාවකට නඩු නොදාන්න, ප්‍රශ්න නොකරන්න පියවර ගන්නවා.
එමෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න පියවර ගන්නවා. රනිල් කියලා තිබුණා මහින්ද අවම වැටුප 25,000 ක් කරනවා, නමුත් අපි දැන් 31000 ක් දෙනවා. ඒනිසා එයාට වැඩිය අපි දෙනවානේ කියලා. දැන් බලන්න රනිල්ගේ අවම වැටුප හා ඒකාබද්ධ වැටුප ගැන දැනුම. එතුමා රැකියාවක් කරලා නෑ. මම නම් රැකියාවක් කරපු කෙනෙක්. ඒක නිසා මම දන්නවා මූලික වැටුපයි, ඒකාබද්ධ වැටුපයි අතර වෙනස මොකක්ද කියා. අපි 25000 ක් කරන්නේ අවම වැටුපයි. අද කම්කරුවෙක් ලෙස හෝ රෝහල් කම්කරුවකු ලෙස බැඳෙන කෙනකුගේ මූලික වැටුප ආරම්භ වෙන්නේ රුපියල් 25000 කින්.
මේ අතර අපි රාජ්‍ය සේවයට බඳවාගන්නා බවට පොරොන්දු වූ 150,000 ක් සන්ධානය බලය පත්වූ පසු අනිවාර්යයෙන්ම බඳවාගන්නවා. පොලිසියේ උසස්වීම් සඳහා ක්‍රමවේදයක් නෑ. ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ වැටුප් ක්‍රමය වහාම වැටුප් කොමිෂන් සභාවක් පත්කොට වැටුප් ක්‍රමයක් සකස් කරනවා. උසස් වීමේ ක්‍රමයක් හදනවා. කෙනෙක් සේවය කරන විට ඒ සේවයෙන් තෘප්තියක් ලබන්නේ නැත්නම් රාජකාරිය හරියට කෙරෙන්නේ නෑ.
කඩුගන්නාවේදී සුනිල් අබේසුන්දර ක්‍රීඩාංගණයේදී පැවති ජනහමුවේදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
දින 100 ට ඇවිත් දින 180 ක් හිටි යහපාලන ආණ්ඩුව ජනතාවට කරපු සේවය මොකක්ද කියා ප්‍රශ්න කරන්න වෙලා තියෙනවා. සමෘද්ධිය දුන්නාද කියා, ජීවන වියදම අඩු වුණාද කියා ඔබ සිතා බැලිය යුතු වෙනවා. සමෘද්ධිය සියයට දෙසීයක් දෙනවා කියා පොරොන්දු වූ ඔවුන් මම දුන්නු 3000 ට තව 500 ක් එකතුකර දුන්නා. අද පින් පඩිය සමෘද්ධිය කපලා.
වැඩිහිටියන්ට වෙන්කර තිබුණු රුපියල් 3000 නොදී මේ අය ජනතාව දිනෙන් දින අමාරුවේ දානවා. සංවර්ධනය නතර කිරීමෙන් පාරවල්, රෝහල්, පාසල් හැදුණු එක නතර වුණා. ඒ නිසා අපි ඔබට පොරොන්දු වෙනවා. අගොස්තු 18 වැනිදායින් පසුව ඔබගේ මේ සංවර්ධන වැඩ අපි වහාම ආරම්භ කරන බවට.
මූල්‍ය අපරාධ ඒකකය මගින් නඩු දානවද නැද්ද කියා තීරණය කරන්නේ අගමැතිවරයා, සම්බන්ධන් මහත්තයා, වික්‍රමබාහු මහත්තයා, චම්පික රණවක මහතා, අනුර කුමාර දිසානායක මහත්තයා. මෙයාලා කියනවා අහවල් දවසම අපි අහවල් කෙනා අත්අඩංගුවට ගන්නවා කියලා.
අද වෙනකොට මේ ඒකකයෙන් රජයේ සේවකයන් 380 ක් දෙනාගෙන් පමණ ප්‍රශ්න කර තිබෙනවා. සද්භාවයෙන් සිය රාජකාරිය කළ රජයේ සේවකයා මේ වගේ ප්‍රශ්න කරලා හිර ගෙවල්වල දාලා තියෙන එක හරිද වැරදිද කියන එක ඔබ තීරණය කරන්න. මොකටද මේ? සමෘද්ධිය දුන්න නිසා. සමෘද්ධි නිලධාරියාගේ පාරිතෝෂික මුදල ගෙවූ නිසා. මේවා තමයි මූල්‍ය අපරාධ. නීතියේ ආධිපත්‍යයට විහිලු කිරීමයි අද වෙලා තිබෙන්නේ. මෙයාලා නීතිය අතට අරගෙන රජයේ සේවකයාට රුපියල් 10000 ක් මූලික වැටුපට එකතු කරනවා කිව්වත් එහෙම කළේ නෑ.
අපි තමයි යහපාලනය කළේ. කිසි බයක් තිබුණේ නෑ. පත්තර ගැහුවා, ගුවන් විදුලි තිබුණා. අද බෑ. අද ප්‍රශ්න කරනවා. අද රිමාන්ඩ් කරනවා. යහපාලනය එපාද? (ජනතාව – එපා) හරි අපි යහපාලනය කියන වචනේ භාවිත කරන්නේ නෑ. මෙයාලගේ යමපාලනය ගේන්නේ නෑ. මෙයාලගේ යහපාලනය කියන්නේ මෙය නම් මේ යහපාලනය අපි පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා.
බයික් එකට ගත්ත රුපියල් 50000 ආපසු දෙනවා කිව්වා. ඒක ලැබුණ නේද? නමුත් මම පොරොන්දු වූ පරිදි මෝටර් සයිකලය ලැබිය යුතු සියලු දෙනාට ලබාදෙනවා.
ශ්‍රීලනිප අකුරණ සංවිධායක අබ්දුල් කාදර් මහතා
ඇයි මම එජාපයේ සිට ආවේ. සබන් දාලා පිඟන් හෝදමින් හිටියේ. මම කෙළෙහි ගුණය සලකනවා. ඡන්දේ දීලා මාව පාර්ලිමේන්තුවට යවන්න. ජවිපේ තරුණයන් කපලා මැරුවා. මොකක්ද එල්. ටී. ටී. ඊ. එක කළේ.
මුස්ලිම් අයට රවුෆ් හකීම් මොකක්ද කර තිබෙන්නේ එයා කෝට් ඇඳගෙන එනවා. අපි මෙහේ බල්ලෝ වගේ වැඩකරනවා. හාරිස්පත්තුවේ එජාප සංවිධායක හලීම් මුස්ලිම් ජනතාව අනාථ කළා. මුකුත් කළේ නෑ. මිලියන 800 ක් සොරකම් කර තිබෙනවා. මේ ලෝකයේම මහින්ද රාජපක්ෂ මහතා වගේ කෙනෙක් නෑ. මුස්ලිම් ජනතාවට මං අවවාද කරනවා මෙවර බුලත් කොළයට ඡන්දෙ දෙන්න.
මහනුවරින් සන්ධානයෙන් අංක 7 න් තරග වදින ජාතික නිදහස් පෙරමුණේ නිමල් ප්‍රේමවංශ මහතා
රනිල් පසුගියදා කිව්වා ජනවාරි 8 විප්ලවයක් කළා. එය ආපස්සට හරවන්න කරන ප්‍රතිවිප්ලවයක් කරනවා. එය නැවත හරවන්න 17 වැනිදා එජාපයට ඡන්දෙ දෙන්න කියා. සෝවියට් සමූහාණ්ඩුවේ විප්ලවය කළා. බුදුන්වහන්සේ විප්ලවයක් කළා. නමුත් ජනවාරි 9 වැනිදා විප්ලවයක් කළා නම් ඒ විප්ලවයේ ප්‍රතිඵල කෝ? මේ දේශයට ආදරය කරන කිසිවකුට මෙයින් ප්‍රතිඵල ලැබුණ් නෑ. නමුත් කොටි පෝෂණය කරන දෙමළ සන්ධානයට ප්‍රතිලාභ ලැබුණා.
ජනවාරි 8 නෙවී විප්ලවයක් කළේ 2005 දී විප්ලවය කළේ. ඒ විප්ලවයේ ප්‍රතිලාභ ලැබුණේ නැද්ද? රටේ ජනතාවට විමුක්තිය ලැබුණේ 2005 විප්ලවයෙන්. රටට සාමය, සංවර්ධනය ගෙනා අපේ විප්ලවය හරවන්න ප්‍රතිවිප්ලවයක් කළේ රනිල් නඩයයි. 2005 විප්ලවය තවම අවසන් නෑ. 2005 විප්ලවය ඉදිරියට ගෙනයන්න ලබන 17 වැනිදා අවස්ථාවක් ලැබි තිබෙනවා.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා
මෙවර මැතිවරණයට දෙන්නෙක් රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙනවා. ඔහු රෙද්ද බැනියම අඳින, අපේකමට පණදුන්, සාමය ගෙනා, රට සංවර්ධනය කළ ජාතියේ නායකයා මහින්ද රාජපක්ෂයි. අනිත් පැත්තේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ. මාස 5 ට රනිල් පින් අගමැති වුණා. සැබෑ රනිල් තමයි 2002 – 2004 රනිල් රටේ විධායක ජනාධිපති සිටියදී රට කොටියට පාවා දුන්නේ රනිල්. දුප්පතාගේ සමෘද්ධිය කැපුවේ රනිල්. ලක්ෂ 7 ක රාජ්‍ය සේවය ලක්ෂ 3 ට බැස්සුවේ රනිල්. බදු සමා පනතක් ගෙනත් කෝටි ගණන් හොරකම් කරන්න අවස්ථාව දුන්නේ රනිල්. ඒ නිසා මාස 6 ක රනිල්. නෙවී සැබෑ රනිල්. තරුණ කටයුතු ඇමැති ලෙස බටලන්ද වධකාගාරය හැදුවෙ මේ රනිල්.
අපේක්ෂක ලාල් ගිරිහාගම, ආචාර්ය සරත් අමුණුගම, උඩුනුවර සන්ධාන අපේක්ෂක තිස්ස අත්තනායක, අපේක්ෂක කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුද කතා කළහ.
Related