මහැදුරු නලින් කෝප් කමිටුව උසාවි ගෙනෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය පිළිබඳ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටු (කෝප්) වාර්තාව මාධ්‍යයට ප‍්‍රසිද්ධ කිරීමට කෝප් කමිට...

https://www.sathhanda.com/2015/07/nalin-de-silva.html
මෙහි වගඋත්තරකරුවන් ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ, කෝප් කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිව් ගුණසේකර ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියෙන් රජයට රුපියල් බිලියන 59ක පාඩුවක් සිදුව ඇති බවද, මේ පිළිබඳ සොයා බැලූ ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුතු කොප් කමිටුවට එය ප‍්‍රකාශයට පත් කිරීමට සැරසෙන විටම එමඟින් පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩවන බව කියමින් විවිධ පාර්ශව මීට විරෝධතා දැක්වූ බවද පෙත්සම්කරු කියයි.
දැනට පාර්ලිමේන්තුව විසුරුවා ඇති හෙයින් පාර්ලිමේන්තු වරප‍්‍රසාද ගැටලූවක් පැන නොනගින බවද, ජනතාවට තොරතුරු දැන ගැනීමේ මුලික අයිතින් ඇති හෙයින් එම වාර්තාව මාධ්‍යයට හා ජනතාවට හෙළි කිරීමට කෝප් කමිටුවට අයිතියක් ඇති බව ප‍්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
Related