ඒකීය පාලනයක් තුල විසඳුමක් දැකීමට නොහැකිය, රට බෙදිය යුතුයි.! - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රථිපත්ති ප්‍රකාශනයට එරෙහිව බොහෝ විවේචනයන් දකුණෙන් එල්ල වී ඇති අතර, නැවත දැඩි මතධාරී ප්‍රථිපත්තියක් අනුගමනය ක...

https://www.sathhanda.com/2015/07/suresh-premachandran-fedaral.html
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, “දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රථිපත්ති ප්‍රකාශනය පිළිබඳව බොහෝ විවේචනයන් එල්ල වී ඇත. ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමේ වගකීම අප පක්‍ෂයට ඇත. ඒ අනුව, ඒකීය පාලනයක් තුල ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැකීමට නොහැකි හේතුවෙන්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදි. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඇතැම් බලතල පසුගිය රජය විසින් ක්‍රියාවට නංවා නොමැත.
එයට හේතුව, ඒකීය න්‍යාය තුල ජනාධිපතිවරයා එයට කැමැති නම් ක්‍රියාවට නංවනු ඇත. අකමැති නම්, එය අත්හැර දැමිය හැකි වාතාවරණයක් තිබුණි. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ බොහෝ බලතල මීටපෙර ඉවත් කරන ලදි. එබැවින්, මේ වනවිට තිබෙන්නේ 1988 වර්ෂයේදී ගෙනා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොවේ.
මෙවැනි පසුබිමකදී, ඒකීය පාලනයක් තුල ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැකීමට නොහැකිය. බලය බෙදාහැරීමක්ද සිදුකල නොහැකිය. ෆෙඩරල් පාලනයක් තුල මෙම ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැකීමට හැකිය. එය පිළිගැනීමට රජය ප්‍රතික්ෂේප කිරීමක් හෝ සිංහල ජාතිවාදීන් විරෝධය දක්වනවා නම්, දෙමළ ජනතාවට නිසි දේශපාලන විසඳුමක් ලබාදීමට ඉන්දියාව ඇතුළු අනෙකුත් විදේශිය රටවල් අනිවාර්යෙන් සහයෝගය ලබාදිය යුතුය” යනුවෙන් ප්‍රකාශ කර ඇත.
Related