මං ගෙනාවා කිවූ රත‍්‍රං අශ්වයා කෝ.. හෙලිකොප්ටර් කෝ.. ලැම්බොගිනි කෝ..
තමන් විසින් ගෙනාවේ යයි පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී කියූ ප්ලේන් ලැම්බොගිනි රත්තරන් අශ්වයන් කොහිදැයි හම්බන්තොට දිස්ත‍්‍රික් සන්ධාන අපේක්‍ෂක...

https://www.sathhanda.com/2015/07/namal-rajapaksha.html
සූරියවැවදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේද කියා සිටියේය.
‘වෙනසක් පස්සේ ගිය අය ලැබූ එකම වෙනස තමයි කොන්ද කෙළින් තියාගෙන හිටපු යුගය අවසන් කරලා කොන්ද නවාගෙන දණගහගෙන ඉන්දියාවට, ඇමෙරිකාවට, බි‍්‍රතාන්‍යයට දණගහන යුගය නිර්මාණය කිරීම.ගිය වසර 10 තුළ අපි කොන්ද කෙළින් තියන් හිටියා. ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදය අවසන් කෙරුවා. දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරුවා.සංවර්ධනය ක‍්‍රියාත්මක වුණා.
පසුගිය කාලේ දඩයම් පාලනය පටන් ගත්තා. වීරවංශ මහතාගේ නෝනවත් එක්කන් ගියා. මහින්දානන්ද හිටපු ඇමැතිතුමාගේ පුතාවත් එක්කගෙන ගියා. මම,අපේ අම්මා,මල්ලි මේ සියලූ දෙනාවත් එක්ක ගෙන ගියා ගිහිල්ලා ප‍්‍රශ්න අහනවා. කිව්වේ නාමල්ට ප්ලේන් තියෙනවා. ලැම්බෝගිනි තියෙනවා කියලා දැන් ඉතින් ඒ කියපු රත්තරන් අශ්වයෝ කොහේද’
Related