සරසවි සිසුවිය නිරුවත් කර සගයෝ 4 දෙනා ෆොටෝ ගහලා - ගම්මු වට කරති
කළුගමුව පිඟන් සංස්‌ථාව පාරේ ඇති ඔයේ දිය නෑමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අධික ලෙස බීමත්ව තරුණියක් නිරුවත් කොට ඡායාරූප...
https://www.sathhanda.com/2015/07/kalugamuwa-river-peradeniya-university.html
කළුගමුව පිඟන් සංස්‌ථාව පාරේ ඇති ඔයේ දිය නෑමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අධික ලෙස බීමත්ව තරුණියක් නිරුවත් කොට ඡායාරූප ගනිමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ගම්වාසීන් 200 ක් පමණ ඔවුන් වටකොට පේරාදෙණිය පොලිසියට භාරදී තිබේ.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්‍ෂණික පීඨවල 3 වසර සිසුන් සිවුදෙනකු හා ශිෂ්‍යාවක මෙම ස්‌ථානයට පැමිණ තිබේ.
අරක්‌කු බෝතල් 2 ක්‌ද රැගෙන මෙම ස්‌ථානයට පැමිණ ඇති මොවුන් බීමත්ව කෑකෝ ගසමින් සිට ඇති අතර පසුව අධික ලෙස බීමත් සිසුවිය නිරුවත් කොට ඡායාරූප ගෙන ඇත.
ගම්වාසීන් පැමිණ මොවුන්ගේ අශෝභන ක්‍රියාවන් පිළිබඳව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත.
අනතුරුව පොලිසිය පැමිණෙනතුරු මොවුන් පැමිණි යතුරුපැදිවල හුලං ඇර ඔවුන්ට පලා යැමට නොදී සියලු දෙනා වටකොට රැඳී සිට ඇත.
ඒ අතරතුර ඡායාරූප ගත් කැමරා දුරකථනය මොවුන් ඇලට විසිකර ඇති බව ප්‍රදේශවාසීහු පැවසීය.
පේරාදෙණිය පොලිසිය පැමිණ මොවුන් රැගෙන ගොස් වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් කොට ඇති අතර එහිදී සියලු දෙනා බීමත්ව ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව මහනුවර කටුගස්‌තොට පදිංචි තරුණිය හා මීගලෑව, අරනායක, ගල්නෑව, බොරලැස්‌ගමුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනා මහනුවර අධිකරණය වෙත ඊයේ (26 දා) ඉදිරිපත් කිරීමට නියමිතය.
හානියට පත්ව තිබූ මොවුන් පැමිණ සිටි යතුරුපැදි 3 ක්‌ද පොලිසිය විසින් ලොරි රථයකින් පොලිසිය වෙත රැගෙන විත් තිබුණි.
මහනුවර 5 භාර සහකාර පොලිස් අධිකාරි ජලිය හීංකෙන්ද, පේරාදෙණිය පොලිස් ස්‌ථානාධිපති කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ උපදෙස් මත පො.ප. ගන්නෑව, පො. සැ. ඇල්ලේවෙල (62274), පො. කො. ගමගේ (33462), හේරත්, කා. පො. කො. (9194) සඳමාලි යන නිලධාරීහු පරීක්‍ෂණ සිදුකළහ.


Related