පුරවැසි බලය රැස්වීමට සෙනඟ නෑ - මුදල් යොදන NGO කැළඹෙයි

පුරවැසි බලය නමැති සංවිධානය මගින් පසුගියදා නුගේගොඩ ආනන්ද සමරකෝන් වේදිකාවේදී පවත්වන්නට යෙදු රැස්වීමට ජනසභාගිතාවය ඉතා පහල මට්ටමක පැවතුනි. ...


පුරවැසි බලය නමැති සංවිධානය මගින් පසුගියදා නුගේගොඩ ආනන්ද සමරකෝන් වේදිකාවේදී පවත්වන්නට යෙදු රැස්වීමට ජනසභාගිතාවය ඉතා පහල මට්ටමක පැවතුනි. අප වාර්තාකරුවන් පවසා සිටියේ බිම හිටිය පිරිසට වැඩ ප්‍රමාණයක් වේදිකාවේ නම් සිටි බවකි. 

මේ අතර අපට වාර්තා වන්නේ අඩු ජන සහභාගිත්වය නිසා සංවිධායකයින් මෙන්ම මේ සදහා ආයෝජනය කරනු ලබන NGO ඇතුළු අනෙකුත් පිරිස්ද කලබලයත් පත්ව තිබේ. ඒ අනුව නැවත එලෙස මහාපරිමානයේ රැස්වීම් පැවැත්වීම වෙනුවට කුඩා කණ්ඩායම් ලෙස හෝ ගෙයින්ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වලට යොමුවීමට යෝජනා වී ඇති අතර එය දැනටමත් කුරුණෑගල දිස්ත්රික්කයේ අරඹා ඇති කණ්ඩායම් සමග එකතු වී කටයුතු කිරීමටද යෝජනා වී ඇත. 

අප සමග අදහස් දැක්වූ දේශපක විශ්ලේෂකයන් පවසන්නේ ජනවාරි 8 වෙනිදා යින් පසු පවතී රජයට සාපේක්ෂව මහාපරිමාණ වෙනසක් නොලැබීමත් ජනවාරි 8ට පෙර පැවසු බොහෝ කරුණු අදවන විට වලංගු තාවයක් සහ එම කරුණු ඉදිරිපත් කල පුත්ගයින් එම කරුණු පිලිබදව වගකීමක් නොගැනීමත් හේතුවන් ජනතාවගේ උනන්දුව මෙවන් වැඩසටහන් සඳහාඅඩුවී ඇති බවය. 

අප වෙත අදහස් දැක්වූ බොහෝ දෙනෙකුගේ මතය වුයේ මස 6ක පමණ කාලයක් රටේ අස්ථාවර ආණ්ඩුවක් පැවතීම නිසා බොහෝ කටයුතු අඩපනවී ඇති නිසා මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින් ස්ථාවර ආණ්ඩුවක් බිහිකර රට යතා තත්වයට ගැනීමට කටයුතු කල යුතු බවය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1919866307723145228

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item