වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ලේකම් ඉන්දියාවේදී අත්අඩංගුවට

තමිල්නාඩුවේ තිරුචි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් කුමාරගුරු නැමැත්තා කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ලේකම් යෑයි හෙළි වී ඇත. කෘත්‍රිම ප...

තමිල්නාඩුවේ තිරුචි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් කුමාරගුරු නැමැත්තා කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ලේකම් යෑයි හෙළි වී ඇත.

කෘත්‍රිම පාදයක්‌ භාවිත කළ කුමාරගුරු සමග ඔහුගේ බිරිය වූ සුදර්ශනීගෙන්ද තමිල් නාඩු පොලිසිය ප්‍රශ්න කර තිබේ.

වන්නි මෙහෙයුමේදී සටන් වැඳීම නිසා තම පාදය අහිමි වූ බව කුමාරගුරු නැමැත්තා පොලිස්‌ විමර්ශකයන්ට පවසා ඇත.

පසුගිය සෙනසුරුදා කුමාරගුරු සහ ඔහුගේ බිරිය තිරුචි සිට මැලේසියාවට යැමට උත්සාහ කළ අවස්‌ථාවේ තමිල්නාඩු රහස්‌ පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු සතුව ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ සහ ව්‍යාජ වීසා බලපත්‍රයක්‌ද තිබී ඇතැයිද පැවසේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5421091545292618736

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item