රනිිල්ට සහ අනුුරට මහින්ද භීීතිකාව ඇතිවෙලා - මහින්ද රාජපක්ෂ

යහපාලන ආණ්ඩුවේ රනිල් වික‍්‍රමසිංහ මහතාට හා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතාට මේ වනවිට ඇතිවෙලා තිබෙන්නේ ‘මහින්ද භීතිය’ යැයි හි...

යහපාලන ආණ්ඩුවේ රනිල් වික‍්‍රමසිංහ මහතාට හා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතාට මේ වනවිට ඇතිවෙලා තිබෙන්නේ ‘මහින්ද භීතිය’ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ ය.

එමෙන්ම රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, වික‍්‍රමබාහු කරුණාරත්න, උතුරේ ආර්. සම්බන්ධන් යන මහත්වරුන්ට අද තිබෙන්නේ ‘මහින්ද භීතියක්’ යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. බදුල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ඌව පරණගම ලූණුවත්ත නගරයේදී ඊයේ (29) පැවැති රැුස්්වීමක දී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීය.

මොවුන් රූපවාහිනීවලට, ගුවන් විදුලි නාලිකාවලට ඇවිත් උදේ සිට හවස් වනතුරු මහින්ද හොරා හොරා කියනවට වඩා වෙන යමක් කරන්නේ නැතැයි ද කී මහින්ද රාජපක්ෂ මහතා මහින්දෝදය විද්‍යාගාරවල මහින්දෝදය කියන වචන දැක්කම මහින්ද කියන නම මතක් වෙනවා කියා මහින්දෝදය නම වෙනස් කර ඇති බව ද කීවේ ය.

මහින්ද භීතිකාවෙන් යුත් රනිල් වික‍්‍රමසිංහ මහතා උතුරේ ටී.එන්.එ්. එකත් දකුණේ ජේ.වී.පී. එකත් එකතු කොට ‘ජාතික’ යන වචනය දාගෙන ආණ්ඩුවක් හදන බව කියන්නේ කවදාවත් තනියම එජාප රජයක් බිහිකරන්න බැරි බව රනිල් වික‍්‍රමසිංහ මහතා දන්නා නිසා යැයි ද හිටපු ජනාධිපතිවරයා පැවැසී ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1385970781201438693

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item