පස්වන තරඟයේ ජය ශ්‍රී ලංකාවට - තරඟාවලියේ ජය පාකිස්ථානයට
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැති තරඟාවලියේ පස්වැනි තරඟයේ ජය තමන් සතු කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත් වුණා. ඒ ලකුණු ...

https://www.sathhanda.com/2015/07/srilanka-pakistan.html
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැති තරඟාවලියේ පස්වැනි තරඟයේ ජය තමන් සතු කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත් වුණා. ඒ ලකුණු 165කින්. තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව හම්බන්තොට සූරියවැව තණතිල්ලට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 368ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට සමත් වුණා. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පන්දු 109කදී ලකුණ 116ක් රැස්කර ගත්තා. ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ද ඇතුළත්. කුසල්ට අනගි සහයක් දැක්වූ දිල්ෂාන් ලකුණු 62ක් , නායක මැතිව්ස් නොදැවී ලකුණු 70ක් සහ මිලින්ද සිරිවර්ධන නොදැවී ලකුණු 52ක් රැස්කර ගත්තා.
කුසල් පෙරේරාගේ විශිෂ්ඨ පිතිහරඹය පහතින් බලන්න... (කුසල් පෙරේරා පන්දු 109යි ලකුණු 116යි හයේ පහර 4යි හතරේ පහර 9යි)
Related