රන්ජන් රාමනායකගේ ප්‍රකාශ කිහිපයකට එරෙහිව පියවර ගන්නැයි අගවිනිසුරුට තවත් පෙත්සමක්‌

විනිසුරුවන්, නීතිඥවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගේ ගරුත්වයට බරපතළ හානිදායක ප්‍රකාශ කීපයක්‌ හිටපු පශු සම්පත් නියෝජ්‍ය ඇමැති හා ච...

විනිසුරුවන්, නීතිඥවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගේ ගරුත්වයට බරපතළ හානිදායක ප්‍රකාශ කීපයක්‌ හිටපු පශු සම්පත් නියෝජ්‍ය ඇමැති හා චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කර ඇති බැවින් ඔහුට එරෙහිව පියවරක්‌ ගන්නා ලෙස ඉල්ලා නීතිඥවරු පිරිසක්‌ ඊයේ (27 වැනිදා) අගවිනිසුරුට පෙත්සමක්‌ බාර දුන්හ.

රාමනායක මහතා කළැයි කියන එම ප්‍රකාශ සහිත "සීඩී" තැටියක පිටපතක්‌ ද පෙත්සම සමග අගවිනිසුරුවරයාට යොමු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරිය මගින් අගවිනිසුරුට බාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ නීතිඥ මදුර විතානගේ මහතා පැවැසුවේ රාමනායක මහතා එකී ප්‍රකාශ කර ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂ මූලස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී බවයි.

නීතිඥවරු, නඩුකාරවරු, කුඩුකාරයන් යන තිදෙනා අතර සම්බන්ධයක්‌ පවතින බවත් නීතිඥවරු කුඩුකාරයන්ගෙන් අයකරන ගාස්‌තුවලින් කොටසක්‌ නඩුකාරයට දී කුඩුකාරයන්ට ඇප ලබා ගන්නා බවත් ඔහු පවසා ඇත. එදා ඔහු කළ බොහෝ ප්‍රකාශ උසාවියට අපහාසයක්‌ කර හිරේ ගිය දේශපාලකයා කළ ප්‍රකාශවලට වඩා අතිශය බරපතළ බවත් නීතිඥ විතානගේ මහතා පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2534245524852103458

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item