මෛත්‍රී නෑ - මහින්ද සමඟ සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උළෙල ඇරඹෙයි (PHOTOS)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයකින් තොරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙ...
https://www.sathhanda.com/2015/07/upfa-election-manifesto.html
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයකින් තොරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එම සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය මේවන විට කොළඹ හෙන්ද්‍රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවට සහභාගී වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කර තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් මේවන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සන්ධානයේ පක්ෂ නායකයින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.
සන්ධාන ආණ්ඩුවක් යටතේ රටේ ඉදිරි පස් වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘති ඇතුළු සමාජ ආර්ථික වැඩපිළිවෙළ මෙහි අන්තර්ගත වන බව වාර්තා වේ.


Related