සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය උලෙල මුදල් ගෙවාවත් විකාශය කරන්න බෑ කියයි.
අද දිනයේ කොළඹදී පැවැත්වෙන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මුදල් ගෙවා සජීව විකාශණය කිරීමට ස්වාධීන රූපවාහිනියෙන් කරන ලද ඉල්ලීම ස්ව...
https://www.sathhanda.com/2015/07/itn.html
අද දිනයේ කොළඹදී පැවැත්වෙන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මුදල් ගෙවා සජීව විකාශණය කිරීමට ස්වාධීන රූපවාහිනියෙන් කරන ලද ඉල්ලීම ස්වාධීන රූපවාහිනියේ සභාපති ධම්මික ගංගානාත් දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
එම සජීවී විකාශණය මුදල් ගෙවා ප්‍රචාරණය කරන වැඩසටහනක් ලෙස විකාශය කරදෙන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම පිළිබද කනගාටුව පළ කරන බවද සන්ධාන මහ ලේකම්වරයා කියා සිටියේය.
එහෙත් පසුගිය දා, පැය 4ක් රුපියල් ලක්ෂ 8ක් ගෙවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට අවසර ලබාදී තිබුණි. එමෙන්ම එම අය කිරීමත් පවතින සාමාන්‍ය ගාස්තුවෙන් 25% කට අසන්න මුදලකි.
එහෙත් පසුගිය දා, පැය 4ක් රුපියල් ලක්ෂ 8ක් ගෙවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට අවසර ලබාදී තිබුණි. එමෙන්ම එම අය කිරීමත් පවතින සාමාන්‍ය ගාස්තුවෙන් 25% කට අසන්න මුදලකි.

Related