එජාප ලයිස්තුවේ මුස්ලිම් අපට ඉඩ මදි - අසාද් සාලි ආඩපාලි නඟයි
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් මුස්ලිම් ජනතාව කොන් කර ඇති බව මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා කියයි . මෙරට මුස්ලිම් ජනත...
https://www.sathhanda.com/2015/08/asad-sali.html
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් මුස්ලිම් ජනතාව කොන් කර ඇති බව මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා කියයි .
මෙරට මුස්ලිම් ජනතාවගෙන් 99% ක් ම එජාප පාක්ෂිකයින් වුවත් එජාපයේ ජාතික ලැයිස්තුවෙන් එක මන්ත‍්‍රීවරයකුවත් පත් නොවීම කනගාටුවක් බවද අසාද් සාලි මහතා කියයි .
දැනට එජාප ලැයිස්තුවෙන් පත් කර ඇති මුස්ලිම් නියෝජිතයින් වෙනත් පක්ෂවල ගිවිසුම් අනුව පත් කර ඇති බව කී සාලි මහතා එජාපයට කිසිදු මුස්ලිම් මන්ත‍්‍රී ධුරයක් හිමිව නැති බවද කීවේය.
පසුගිය මහ මැතිවරණයේදී එජාපයේ ජයග‍්‍රහණය වෙනුවෙන් විශාල වෙහෙසක් දරා නැගෙනහිර පුරා ප‍්‍රචාරක කටයුතු සමගි පෙරමුණ කළ බවත් කී සාලි මහතා එජාපය මෙලෙස කටයුතු කිරීම අසාධාරණයක් බවද පැවසුවේය.


Related