ශ්‍රීලනිප මන්ත්‍රීවරු 50කට වැඩි පිරිසක් විපක්ෂයට - ජනපති ලේකම්ගෙන් බන්දුලට ඇමතුමක්

තමා වඩාත් කැමති වන්නේ ජාතික ආණ්ඩුවක වගකීම් නොදරා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස ක්‍රියාකිරීම බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර...

තමා වඩාත් කැමති වන්නේ ජාතික ආණ්ඩුවක වගකීම් නොදරා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස ක්‍රියාකිරීම බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියටපවසා තිබේ.

ජාතික ආණ්ඩුවේ වගකීම් බාර ගන්නවාද යන්න ඊයේ(24) ජනාධිපති ලේකම්වරයා එක් එක් මන්ත්‍රීවරුන්ගෙන් විමසූ බවත් තමන්ට ඡන්දය දීපු ජනතාවගේ අරමුණ ජාතික ආණ්ඩුවක් හැදීම නොවන නිසා තමා විපක්ෂයේ භූමිකාව නියෝජනය කරන බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරියේ ඇති අභියෝග සඳහා ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙරේදා පැවති සාකච්ඡාවේදී පැවසූ බවත් එජාපයට ආණ්ඩුවක් නිර්මාණය කිරීමට නොහැකි නිසා ජාතික ආණ්ඩුවක් අවශ්‍ය වී ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.

කැමති අයට ජාතික ආණ්ඩුවට එක්වීමටත් පක්ෂයේ අනුමැතිය ඇතිව කැමති අයට විපක්ෂයට එක්වීමටත් පෙරේදා රාත්‍රී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී තීරණය කළ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව මේවන විට විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 50ත් 60ත් අතර ප්‍රමාණයක් සිටින බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4168431967187476400

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item