ඇමැති තනතුරු 30කට වඩා පත් කළොත් නඩු දානවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව පිහිටුවා ඇති ආණ්ඩුව සභාග ආණ්ඩුවක් විනා ජාතික ආණ්ඩුවක් නොවන බවත් ව්‍යවස්ථාව පිළිබද ...
https://www.sathhanda.com/2015/08/sri-lanka-coalition-government-cabinet.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව පිහිටුවා ඇති ආණ්ඩුව සභාග ආණ්ඩුවක් විනා ජාතික ආණ්ඩුවක් නොවන බවත් ව්‍යවස්ථාව පිළිබද
නොසලකා මෙම ආණ්ඩුවේ අමාත්‍ය ධුර 30කට වැඩියෙන් පත් කළහොත් ඊට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවට තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දුන් බවත් නීතිඥ අරුණ ලක්සිරි මහතා සඳහන් කළේය.
ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න නම් සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ ද ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ ඊට එක්විය යුතු බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව යටතේ පැහැදිලිව සඳහන් වී ඇති බවත් අරුණ ලක්සිරි මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවාගෙන ඇති ආණ්ඩුව සැලකිය හැක්කේ සභාග ආණ්ඩුවක් ලෙස බව කියා සිටින ඒ මහතා සභාග ආණ්ඩුවක අමාත්‍යවරු 30කට වඩා වැඩි පිරිසක් දිවුරුම් දුනහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.4 ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව හෙතෙම සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන ලෙසට තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දුන් බවත් කිසියම් ලෙසකින් 46.4 ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අමාත්‍ය ධුර 30කට වඩා පත් කළහොත් ඊට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වෙනි ව්‍යවස්ථාවෙන් සලසා ඇති ප්‍රතිපාදන යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත් 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන යටතේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත් ලක්සිරි මහතා වැඩිදුරටත් පැවසීය.


නියමයි.
ReplyDelete