බ්ලූමැන්ඩල් පාතාලයින් රට පන්නන තැතට යාපනයේ බෝට්‌ටුවක් සූදානම්
බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු පලාගිය ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ යන පාතාල ප්‍රබලයන් දෙදෙනා යාපනය ප්‍රදේශයට රැගෙන ගොස් බෝට්‌ටු...
https://www.sathhanda.com/2015/08/blumandal-shooting-ravi-karunanayake_6.html
බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු පලාගිය ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ යන පාතාල ප්‍රබලයන් දෙදෙනා යාපනය ප්‍රදේශයට රැගෙන ගොස් බෝට්‌ටුවක් මගින් ඉන්දියාවට පිටත් කර හැරීමේ සැලසුමක් පවතින බවට ආරක්‍ෂක බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.
මෙම පාතාල ප්‍රබලයන් දෙදෙනා මෙලෙස රටින් පිට කර හැරීමේ සැලසුම පසුපස එක්‌තරා ප්‍රබල දේශපාලනඥයකු සිටින බවද අනාවරණය වී ඇත.
මේ අනුව මෙම පාතාල ප්‍රබලයන් දෙදෙනා විදේශයකට පැන යැම වැළැක්‌වීමට සඳහා අවශ්‍ය පියවර ගැනීමට දැනටමත් ආරක්‍ෂක බුද්ධි නිලධාරීන් කටයුතු කර ඇත.
බ්ලූමැන්ඩල් සිද්ධියේදී ආමි සම්පත් සහ සංඛ පැමිණි රථය ලෙස හඳුනා ගත් කුඩා මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන ඇත. මෙම පාතාල කල්ලියේ තවත් සගයකු වූ රුවන් නමැත්තා මීට දෙදිනකට පෙර කටුනායක ගුවන් තොටුපළ හරහා රටින් පැනගොස් ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම පාතාල කල්ලියේ අලුත්ම සාමාජිකයකු වූ රුවන් නමැත්තා පිළිබඳ තොරතුරු කිසිවක් ආරක්‍ෂක අංශ සතුව නොතිබීම නිසා ඔහුට මේ අන්දමින් පලායැමට හැකිවී තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.


Related