කෝටිපති කුඩු ජාවාරම්කාර මුජහීඩ් අයි.එස්. ත්‍රස්‌තයෙක්
කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් මෙරට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙය වූ ජාත්‍යන්තර කුඩු ඒජන්තයකු වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් ...
https://www.sathhanda.com/2015/08/mohamed-mubarak-mohammed-mujahid.html
කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් මෙරට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙය වූ ජාත්‍යන්තර කුඩු ඒජන්තයකු වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජහීඩ් නමැත්තා අයිඑස්‌අයිඑස් ත්‍රස්‌ත සංවිධානයේ ප්‍රබලයකු බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
අයිඑස්‌අයිඑස් ත්‍රස්‌ත සංවිධානයට අරමුදල් රැස් කිරීමේ ජාලයේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන මුජහීඩ් හෙරොයින් ජාවාරමෙන් උපයන සුවිශාල ධනය එම ත්‍රස්‌තවාදී සංවිධානයේ කටයුතු සඳහා ලබාදෙන බවටද වාර්තා වී ඇත.
ඒ අනුව ජාත්‍යන්තර බුද්ධි සේවාවන්හි සහායද ලබා ගනිමින් මුජහීඩ් පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොලිසිය දැනටමත් පියවර ගෙන තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් "දිවයින"ට පැවැසීය.
කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස ප්‍රභූ සමාජයේ ගැවසෙමින් කටයුතු කළ මොහොමඩ් මුජහීඩ් නමැත්තා ජාත්‍යන්තර මත්කුඩු ඒජන්තවරයකු ලෙස පසුගියදා මුල්වරට ලෝකයට අනාවරණය කරනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගිනි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ සෘජු අධික්‍ෂණය හා උපදෙස් මත යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සහ රාජ්‍ය බුද්ධි සේවාවේද සහාය ලබා ගනිමින් ඉකුත් 2012 වසරේ සිට වසර තුනක් තිස්‌සේ අඛණ්‌ඩව සිදුකළ ඉතාම රහසිගත මෙහෙයුමක් මගින් මුජහීඩ් පිළිබඳ තොරතුරු හෙළි කරනු ලැබීය. ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිදුකළ එම මහෙයුම මේ වන විට ඇමරිකානු රාජ්‍ය බුද්ධි සේවාවේද ප්‍රශංසාවට ලක්‌ව ඇත.


Related