ඌව මහ ඇමති චාමර සම්පත් : ලක්ෂ්මන් මැතිසබයට
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බදුල්ල දිස්ත්‍රීක්කයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ චාමර සම්පත් දිසානායක ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස පත් ක...
https://www.sathhanda.com/2015/08/chamara-sampath-laxman-senevirathne.html
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බදුල්ල දිස්ත්‍රීක්කයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ චාමර සම්පත් දිසානායක ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස පත් කිරීමට ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟත්වය පළකර ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වාර්තාකරනවා.
මොහු මේවනවිටත් ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. මේ අනුව, පසුගිය මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රීක්කයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට පත්වීමට තරම් මනාප සංඛ්‍යාවක් ලබා නොගත් හිටපු ඇමති ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවට පත්වනු ඇත.
සන්ධාන මනාප ලයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබාගෙන ඇත්තේ ලක්ෂ්මන් සෙනවිරත්නය.


Related