හලාවත දුම්රිය පොළේ පිරීමක් - ISIS ලේබල් එකත් අලවලා තිබිල

හලාවත දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක මැදිරියක් තුළ අද (06) සුළු පිපිරීමක් සිදුව තිබේ.අදාල පිපිරීමෙන් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බවත්...

හලාවත දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක මැදිරියක් තුළ අද (06) සුළු පිපිරීමක් සිදුව තිබේ.අදාල පිපිරීමෙන් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බවත්, ඔහු මේවන විට රෝහල්ගත කර ඇති බවත් පැවසේ.

මේ පිපිරීම සිදුව ඇත්තේ රාත්‍රී 7.10ට පමණය.

පිපිරීම සිදුවූ දුම්රිය කොළඹ සිට හලාවත දක්වා පැමිණ හලාවත දුම්රිය පොළේ ගාල්කරන ලද දුම්රියක් බවද පැවසේ.

තුවාල ලබා ඇත්තේ දුම්රිය පිරිසිදු කරන්නෙකු වන ආර්.අයි. සංජීව රණසිංහ නැමැත්තෙකි.

අදාල පුද්ගලයා පිපිරීම සිදුවූ දුම්රිය මැදිරිට නැග එය පිරිසිදු කරමින් සිටියදී දුම්රිය අසුනක් යට ISIS නමින් සඳහන්ව ප්ලාස්ටික් මල්ලක තිබූ බටයක් වැනි දෙයක් සෙලවීමට ගිය අවස්ථාවේදී අදාල පිපිරීම සිදුව තිබේ.

හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා අද (06) හලාවත පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගි විය.

අදාල පිපිරීම සිදුව ඇත්තේ ඔහු මැතිවරණ ප්‍රචාරක රැලියට සහභාගිවී ගිය පසුවය. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8595226194053171306

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item