කැළණි ගඟට තෙල් ගියේ කොකා කෝලා සමාගමෙන් - කොකා කෝලා සමාගමෙන් රජයට බලපෑම්
බහුජාතික සමාගමක් වන 'කොකා කොලා' (Coca-Cola) සමාගමෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ලවී ඇතැයි වාර්තා වේ. කඩුවෙල පිහිටි 'කොකා ක...

https://www.sathhanda.com/2015/08/coca-cola-sri-lanka.html
බහුජාතික සමාගමක් වන 'කොකා කොලා' (Coca-Cola) සමාගමෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ලවී ඇතැයි වාර්තා වේ.
කඩුවෙල පිහිටි 'කොකා කොලා' සමාගමේ කම්හලේ භූගත ඉන්දන නලයකින් පසුගිය සඳුදා කැළණි ගඟට තෙල්කාන්දු වීම හේතුවෙන් සිදුවූ මහ පරිමාණ පරිසර දුෂණය සැලකිල්ලට ගත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් Coca-Cola සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අහෝසි කොට තිබේ.
එසේම, එම වරද සම්බන්ධයෙන් රුපියල් බිලියනයකට ආසන්න දඩයක් ද නියම කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් එසේ අනුගමනය කල ක්‍රියාමාර්ගය අත්හිටුවා යම් සහනයක් ලබා ගැනීම සඳහා ඇමරිකානු රජයේ බලධාරීන් ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ට බලපෑම් කරමින් සිටින අතර, මේ ප්‍රශ්නයට මැදිහත්ව සිටින ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියකු රජයේ බලධාරියකුට දුරකතන ඇමතුමක් ලබාදෙමින් දඩ මුදල අඩු කිරීම කටයුතු කරන්නැයි බලපෑම් කර ඇත.
මධ්‍යම පරිසර අධීකාරිය ප්‍රකාශ කරන්නේ මෙමගින් පරිසරයට සිදුව ඇති හානිය පිළිබඳව පැහැදිලි සාක්ෂි පවතින බවයි. ඒ අනුව සිදුව ඇති හානිය පිළිබඳවත ක්සේරු කරන තෙක් Coca-Cola සමාගමේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අහෝසි කර ඇත.
Coca-Cola සමාගම ප්‍රකාශ කරන්නේ තමන් ඉන්දන නලයේ වූ කාන්දුවීම සඳුදා උදෑසන ඉතා ඉක්මණින්ම යථා තත්ත්වයට පත් කිරීම සිදු කළ බවත් මධ්‍යම පරිසර අධීකාරිය හා ජාතික ජලසම්පාදන හා ජලාපාවහන මණ්ඩලය වෙත දැනුම් දී සිදුවීම පිළිබඳව ක්ෂීණිකව උපදෙස් පැතූ බවත්ය.
srilankamirror
Related