විපක්ෂ නායක කමට එස්. බී ගේ නමත් යෝජනා වේ
ලබන සැප්තැම්බර් 1 වැනිදා රැස්වීමට නියමිත නව පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමක් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් කටයුතු කරන්නේ නම් විප...

https://www.sathhanda.com/2015/08/s-b-dissanayake_24.html
ලබන සැප්තැම්බර් 1 වැනිදා රැස්වීමට නියමිත නව පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමක් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් කටයුතු කරන්නේ නම් විපක්ෂ නායක ධුරය ලැබිය යුත්තේ ශ්‍රී ලනිප නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට හිතවත් කණ්ඩායමේ අයකුට බවට මෛත්‍රිපාල මහතාගේ පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
මේ යෝජනාවට අනුව විපක්ෂ නායක ලෙස ජාතික ලැයිස්තුවෙන් පත්වූ එස්.බී. දිසානායක පත් කිරීමට පිරිසක් දැඩි උත්සාහයක් දරන බව දැනගන්නට ලැබේ. මේ අතර හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ජාතික ආණ්ඩුවේ ඇමැති ධුරයක් ලබාගත හොත් විපක්ෂ නායක ධුරයට සුසිල් ප්‍රේමජයන් පත්විය යුතු බවට යෝජනාවක්ද ඉදිරිපත් වී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ජෝන් සෙනවිරත්න, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, ටී.බී. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන සහ පවිත්‍රා වන්නිආරච්චි වැනි හිටපු ඇමැතිවරුන් ජාතික ආණ්ඩුවේ ඇමැති තනතුරු ලබා නොගන්නා බවට දැනටමත් ප්‍රකාශ කොට ඇති අතර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, අලුත්ගමගේ, ටී.බී. ඒකනායක වැනි අය විපක්ෂයේ වාඩි වන බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කොට තිබේ.
Related