අමෙරිකාව රාමුව ඉදිරිපත් කළ කිසිඳු රටක් සාර්ථක වුණේ නැහැ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සහය දක්වන යෝජනාවක් ඉදිරිපත් කරන බව අමෙරිකාව ප්‍රකාශ කර තිබෙනවා. ඒ, ...

https://www.sathhanda.com/2015/08/dr-dayan-jayatilleka.html
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සහය දක්වන යෝජනාවක් ඉදිරිපත් කරන බව අමෙරිකාව ප්‍රකාශ කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට ඔවුන් මුලින් ඉදිරිපත් කළ අදහස ද හකුලා ගනිමින්.
කෙසේ වෙතත් ගැඹුරින් විමසීමේදී මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවට වඩා අනතුරුදායක බව ඇතැම් විචාරකයින් පෙන්වා දෙනවා. ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසන්නේ මෙම නීෂා බිස්වාල් මහත්මියගේ ප්‍රකාශය ලංකා මාධ්‍යට පෙර ප්‍රථමයෙන් වාර්තා වූයේ විදෙස් මාධ්‍ය හරහා බවත් ඉන් කරුණු දෙකක් පවසා තිබූ බවයි.
ඒ අනුව දේශීය පරීක්ෂණ යාන්ත්‍රනයට සහයෝගය දෙන යෝජනාවක් ඉදිරිපත් කරන බවත් ලංකාවේ ජනවාර්ගික සංහිඳියාව සඳහා අමෙරිකාව සහ බටහිර රටවල් එක්ව රාමුවක් ඉදිරිපත් කරන බවත් ඊටත් ලංකා ආණ්ඩුවේ සහයෝගය ලැබේ යැයි අපේක්ෂා කරන බවයි. ඉන් හැගෙන්නේ එකී යෝජනාවට ලංකා ආණ්ඩුවේද ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරෙන බවයි. එය ඉතාමත්ම භයානක තත්ත්වයක් යැයිද පැවසුවා. අමෙරිකාව විසින් මෙවැනි යෝජනා ඉදිරිපත් කර තිබූ කිසිඳු රටක් සාර්ථක වී නොමැති බවත් ඒවා බිඳවැටී ඇති බවත් සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇතිකර ගැනීමට බටහිර හෝ වෙනත් රටවල මැදිහත් වීමක් කිසිසේත් අවශ්‍ය නොවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. අමෙරිකාව විසින් ඉදිරිපත් කරන සංහිඳියා රාමුව ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට හේතු විය හැකි බවද ආචාර්ය දයාන් ජයතිලක මහතා අනතුරු ඇඟවූවා.
කෙසේ වෙතත් ආචාර්ය ප්රතිභා මහනාම හේවා මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට සහය දක්වන යෝජනාවක් ඉදිරිපත් කරන බවට අමෙරිකාව කර ඇති ප්‍රකාශය ශ්‍රී ලංකාවට වාසිදායක බවයි. මෙම ප‍්‍රකාශයෙන් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව මුලින් කළ ප්‍රකාශ අසත්‍ය ඒවා යැයි ඔවුන් විසින්ම පිළිගෙන ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී ශ්‍රී ලංකාව කි‍්‍රයාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද ආචාර්ය ප්රතිභා මහනාම හේවා මහතා මෙහිදී සිය අදහස් පළ කළා.
ඒ අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසමේ වාර්තාව ඉදිරිපත් කිරීම,ජාතික මානව හිමිකම් සැළැස්ම සහ සංහිඳියා වාර්තා ඉදිරිපත් කර සිදු කර ඇති වැඩ කොටස පෙන්වා දිය හැකි බවයි. හෙතෙම පැවසූවේ.
This comment has been removed by a blog administrator.
ReplyDelete