පෝස්ටරයක්, මාධ්‍ය දැන්වීමක් නැතුව මනාප ලක්ෂයකට වඩා ගත් ඩලස්

මාධ්‍යවල දැන්වීම් පළ නොකර මත්පැන්, ටීෂර්ට්, කැප් බෙදීමකින් තොරව පෝස්ටර් හෝ කටවුට් ගහන්නේ නැතිව මැතිවරණ කාර්යාල දාන්නේ නැතිව ලංකාවේ ඡන්දයක...

මාධ්‍යවල දැන්වීම් පළ නොකර මත්පැන්, ටීෂර්ට්, කැප් බෙදීමකින් තොරව පෝස්ටර් හෝ කටවුට් ගහන්නේ නැතිව මැතිවරණ කාර්යාල දාන්නේ නැතිව ලංකාවේ ඡන්දයක් දිනන්න බැරිද? බොහෝ දෙනා කියන්නේ බැහැ කියන එකයි.

එහෙත් ඉහත සඳහන් කළ කිසිම දෙයක් නොකර මනාප ලක්ෂයටත් වඩා ගත්ත අපේක්ෂකයෙක් මෙවර මැතිවරණය තුළ සිටි බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. මනාප ඡන්ද 1,05,406ක් ලබාගෙන මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා බවට පත් වුණු ඩලස් අලහප්පෙරුම මහත්මයා මේ කිසිම දෙයක් නොකර තමන් ජයගත් බවයි කියන්නේ.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල අපේක්‍ෂකයන්ට පාප්ප හදන්න පාන් පිටි ගන්න ගිය වියදමවත් තමන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයටම ගියේ නැහැ කියලා ඔහු කියනවා.

" කුඩා අත් පත්‍රිකාවක් ගෙන් ගෙට ගෙන ගියා. එයත් සෑම නිවෙසකට ගෙනියන්න බැරි වුණා. සංවිධානාත්මකව සෑම ගෙදරකටම යන යාන්ත්‍රණයක් මට තිබුණේ නැහැ. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවිය යුත්තේ ඇයිද? යන පණිවුඩය පුළුවන් මට්ටමින් ගෙන් ගෙට ගෙනිච්චා. "යැයි ඩලස් අලහප්පෙරුම මහත්මයා ප්‍රකාශ කරලා තිබුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1947499959531396845

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item