එක්‌නැලිගොඩ සිද්ධියට තවත් බුද්ධි නිලධාරියෙක්‌ අද CID ය හමුවට

එල් ටී ටී ඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක්‌ සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් උසස්‌ නිලධාරියකුට අද (31) ...

එල් ටී ටී ඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක්‌ සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් උසස්‌ නිලධාරියකුට අද (31) රහස්‌ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාගැනීම සඳහා මෙම කැඳවීම කර ඇත.

එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය වෙත කැඳවන ලද යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ හයවන හමුදා නිලධාරියා මොහු වේ.

ඉකුත් බ්‍රහස්‌පතින්දා මෙම නිලධාරියා රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහැර යළි මෙසේ අද පැමිණෙන ලෙස එක්‌නැලිගොඩ විමර්ශනය සිදුකරන රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම විසින් දැනුම් දෙන ලදී.

මෙතෙක් වාර්තා වී ඇති කරුණු අනුව 2002 වසරේ සිට ප්‍රගීත් එක්නැලිගොඩ LTTE සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇති අතර මුලින්ම ඔහුව LTTE සංවිධානයට හඳුන්වාදී ඇත්තේ මියගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන විසිනින් බවත් අනාවරණය වී ඇත. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1502479051191177424

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item