රජුගේ බිසව වෙන්න බලන් හිටිය ‍කන්‍යාවියෝ 38ක් රිය අනතුරකින් මරුට

අප්‍රිකානු - ස්වාසිලන්තයේ තුන්වන ම්ස්වාති රජුගේ නව බිරිඳ වීම සඳහා සංවිධාන කර තිබූ ස්වයංවර මංගල්‍යයකට සහභාගිවීම සඳහා යමින් සිටි තරුණියන් 38 ...

අප්‍රිකානු - ස්වාසිලන්තයේ තුන්වන ම්ස්වාති රජුගේ නව බිරිඳ වීම සඳහා සංවිධාන කර තිබූ ස්වයංවර මංගල්‍යයකට සහභාගිවීම සඳහා යමින් සිටි තරුණියන් 38 දෙනෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් 20 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි ස්වාසිලන්ත වාර්තා සඳහන් කළේ. 

මොවුන් ගමන් කළ විවෘත ට්‍රක් රථය මාර්ගයේ නතර කර තිබූ මෝටර් රථයක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. 

පසුගිය සිකුරාදා රාත්‍රියේ අනතුර සිදුව ඇති අතර, එහිදී සිදුවූ ජීවිත හානි පිළිබඳව එරට පොලීසිය නිල වශයෙන් තොරතුරු හෙළි කර නැහැ.

අප්‍රිකාවේ අවසන් රාජධානියක් වන ස්වාසිලන්ත රාජ්‍යයේ තුන්වන ම්ස්වාති රජු තම 14 වන බිරිඳ තෝරාගනු ලැබුවේ 2013 වසරේ පැවති මෙවැනි ස්වයංවර මංගල්‍යයකදියි. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 8793978002885901365

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item