අධිවේගය විවෘත කරන්න මහින්දටත් එන්න කියන්න, මැකොගෙන් නියෝගයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල -කඩවත කොටස විවෘත කිරීමේ අවස්ථාවට එය ආරම්භ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන ලෙස තමන් මහාමා...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල -කඩවත කොටස විවෘත කිරීමේ අවස්ථාවට එය ආරම්භ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කරන ලෙස තමන් මහාමාර්ග අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට නියෝග කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඊට අමතරව එවකට රජයේ මහාමාර්ග විෂය භාරව සිටි ඇමැතිවරයාටද ආරාධනා කරන්නැයි තමා ඉල්ලා සිටින බවද දේශප්‍රිය මහතා කීවේය.

ඊට අමතරව එවකට රජයේ මහාමාර්ග විෂය භාරව සිටි ඇමැතිවරයාටද ආරාධනා කරන්නැයි තමා ඉල්ලා සිටින බවද දේශප්‍රිය මහතා කීවේය.

මැතිවරණ මහ ‍ලේකම් කාර්යාලයේ දී ඊයේ (3) පස්වරුවේ පැවති මාධ්‍ය උපමාන පිළිබඳව ක්‍රියා කිරීමේ කමිටු රැස්වීමේ දී මැතිවරණ කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ ය.

මැතිවරණ කාලය තුළ මෙවැනි උත්සවයක් පැවැත්වීමෙන් දේශපාලන පක්ෂයකට අසාධාරණයක් සිදුවන බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

යම් ලෙසකින් එය සිදු කිරීමට කටයුතු නොකරන්නේ නම් එම උත්සවය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව ඇති කිසිදු අපේක්ෂකයකු නොමැතිව ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පමණක් එය සිදු කරන ලෙසද තමන් මහාමාර්ග අමාත්‍යාංශ ‍ලේකම්වරයාට දැනුම් දෙන බවද දේශප්‍රිය මහතා කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. https://www.facebook.com/athurugiriyakollokello/photos/a.912973028730145.1073741838.147233725304083/1025827660778014/?type=1&theater
    aththatama mata godak happy meka danaganna labuna eka

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 376900098024940623

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item