ඡන්දය සාධාරණ නෑ
මෙවර පැවැතියේ සාධාරණ මැතිවරණයක් නොවන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. නාරාහෙන්පිට අභයාරාමයේදී අද (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම එ...

https://www.sathhanda.com/2015/08/fedaration-of-national-organisations.html
නාරාහෙන්පිට අභයාරාමයේදී අද (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම එකමුතුවේ සාමාජික ගෙවිඳු කුමාරතුංග මහතා මේ බව පැවසීය.
ඔහු එහිදී කියා සිටියේ අගමැති තනතුර මහින්ද රාජපක්ෂ මහතාට නොදෙන බවට ඇතැම් පුවත්පත් මැතිවරණ ව්‍යාපාරයේ අවසන් සතියේ මුල්පිටුවේම එය පළ කළ බවයි. එය සාධාරණ මැතිවරණයකට බලපෑමක් එල්ල කළ බවද, ඊට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයාට පියවරක් ගැනීමට කාලයක් නොතිබූ බවද, එසේ වුවද මෙවර ශක්තිමත් විපක්ෂයක් බිහිවී ඇතැයිද පැවසීය.
එසේම 20 වැනි සංශෝධනයට විරුද්ධවූවන් යළි එක් පෙරමුණකට පත්ව ඇති බවද කියා සිටි ඒ මහතා පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගත යුතු බවද අවධාරණය කළේය. එය ජනතාව ලබාදුන් ජනවරමට එරෙහිව යාමක් බවද පෙන්වාදුන් ඒ මහතා ජවිපෙට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 2ක් ලැබෙන්නේ නම් ලබාගත් ආසන සංඛ්‍යාව සලකා ජාතික නිදහස් පෙරමුණට මන්ත්‍රීධුර 2ක් හිමිවිය යුතු බවද පැවසුවේය.
පක්ෂ ලේකම්වරු තනතුරුවලින් ඉවත් කරන විට යහපාලනය ගැන කතා කළ මාදුළුවාවේ සෝභිත හිමියන් නිහඬ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මාධ්‍ය හමුව ඇමතු ගුණදාස අමරසේකර මහතා පැවසුවේ මෙවර මැතිවරණ ප්‍රතිඵලයට අනූව ජාතික ආණ්ඩුවකට ජනතාව වරමක් ලබාදී නැති බවයි.
ජාතික ආණ්ඩුවකට සුදු හුණු ගෑම සඳහා පාඨලි චම්පික රණවක, සෝභිත හිමියන් පෙනී සිටින බවද හෙතෙම පෙන්වාදුන්නේය. කෙසේ වුවද පසුගිය දිනවල පැවැත්වූ මාධ්‍ය හමුවලදී මෙවර පැවැතියේ ඉතිහාසයේ නිදහස් හා සාධාරණ මැතිවරණය බව නිරීක්ෂණ සංවිධාන අවධාරණය කර තිබුණි.
Related